Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගම 2018 3 වන කාර්තුවේදීත් පැහැදිලි ප්‍රගතියක් වාර්තා කරයි

ජීවිත රක්ෂණ ව්‍යාපාර කටයුතු වල පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරමින් පෙර වසරට සාපේක්ෂව වාරික වල මුළු එකතුවේ 9% ක වර්ධනයක් වාර්තා කරගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. මෙම වාර්තාවට අදාළ කාලය තුළ, ආයෝජන මගින් ලැබුණු ආදායම් සැලකිය යුතු මට්ටමකට, එනම් රු. මිලියන 3,036 දක්වා 13% කින් ඉහළ ගොස් ඇත. පෙර වසරට සාපේක්ෂව බලන විට වියදම් තරමක් වැඩිවී ඇති නමුත් එම මුදල් වැය කරන ලද්දේ සමාගමේ දීර්ඝකාලීන ස්ථාවරත්වය වෙනුවෙන් සකස් කර ඇති සැලසුම් වෙනුවෙනි.

2017 වසරේදී බදුවලට පසු ලාභය වූ රු. මිලියන 267 ට සාපේක්ෂව මෙම කාලසීමාවේ බදුවලට පසු ලාභය රු. මිලියන 2,242 කි. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 67 වන කොටස මගින් හඳුන්වා දී ඇති නව බදු පදනම අනුව 2018 දෙසැම්බර් 31 දින සිට යුනියන් ඇෂුවරන්ස් සමාගමේ බදු අයකළ හැකි ආදායමක් පවතිනු ඇති අතර, ඒ අනුව සමාගමට වසර 6 ක් තුළ තම ඉදිරියට ගෙන ආ බදු අලාභයන් ඊට හිලවු කළ හැකි වේ.

මෙම වාර්තාවට අදාළ කාර්තුව සඳහා, 2017 දෙසැම්බර් 31 දින වනවිට පැවති බදු අලාභ අනුව ගණනය කරන ලද රු. මිලියන 1,532 ක රඳවාගත් බදු වත්කමක් නීර්ණය කර ඇත.

ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ අතිරික්තය 3 වන කාර්තුව දක්වා වන ලාභයට ඇතුළත් නොවන අතර එය වසර අවසානයේදී ආයුගණකව ගණනය කෙරේ.

2018 සැප්තැම්බර් 30 දින වනවිට යුනියන් ඇෂුවරන්ස් හි ජීවිත රක්ෂණ අරමුදල, යහපත් නුබුන් වත්කම් අනුපාතයක්ද සමගින්, රු. බිලියන 31 ක් ලෙස පැවතිණි. මෙය ව්‍යාපාරයේ ශක්තියට පැහැදිලි සාක්ෂියකි.

මෙම කාලසීමාව තුළ සමාගමට දේශීය හා ජාත්‍යන්තර ජයග්‍රහණ හා සම්මාන කිහිපයක් හිමි විය.

තම මූල්‍ය ශක්තිය නැවත වරක් විදහා දක්වමින්, ආසියානු කලාපයේ සමාගම් 24,000 ක් අතරින් 2018 වසරේ ත්‍දරඉැි ඊැිඑ ඹබාැර ඊසකකසදබ ලැයිස්තුවට ඇතුළත් වීමට යුනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි.

එමෙන්ම ඵැාස් ඍැිැ්රජය ඨරදමච :ඵඍඨ* මගින් ආසියානු කලාපයේ රටවල් 25 කට අධික සංඛ්‍යාවක සිදුකරන ලද සමීක්ෂණයකට අනුව, යුනියන් ඇෂුවරන්ස් සමාගම ආසියානු කලාපයේ වේගයෙන්ම දියුණු වන සන්නාම 100 අතරට එක්වූ එකම ආසියානු ජීවිත රක්ෂණ සමාගම බවට පත්වී තිබේ.

ඊට අමතරව, සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉතාමත් යහපත් රැකියා පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව 6 වන වරටත් ඨරු්එ ඡක්ජැ එද උදරන ඇගයුමෙන් පිදුම් ලැබී ය.

අත්දැකීම් බහුල හා උද්‍යෝගීමත් වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම තලයේ ප්‍රති-රක්ෂණ සමාගම් සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් වැනි සාධකවලින් පන්නරය ලබන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ මූලික ඉලක්කය වන්නේ සිය තිස් වසරක විශිෂ්ටත්වය සමගින් ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සමගින් ඉහළම තලයේ සේවාවක් සැලසීම ය. නිර්මාණශීලී ප්‍රවේශයන් සමගින් ක්‍රමෝපායිකව සිය ව්‍යාපාර කටයුතු ඉදිරියට රැගෙන යන අතරම ගනුදෙනුකරුවන්ට උපරිම වටිනාකම් ළඟාකර දෙමින් ඔවුන්ගේ ජීවන වෙනසක බැඳීමක් වෙනුවෙන් සමාගම කැපවී කටයුතු කරමින් සිටී.