Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

‘යුනියන් මනුෂ්‍යත්වය’ වැඩසටහනෙන් දිගින් දිගටම දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම් දිවයින පුරා'

‘යුනියන් මනුෂ්‍යත්වය - දැනුවත්, සුවපත්, යහපත් හෙටක්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රජා සත්කාර වැඩසටහන මේ වනවිට දිවයින පුරා ජනතාව වෙනුවෙන් විවිධාකාරයේ ක්‍රියාකාරකම් සංවිධානය කරමින් සිටී. තැලසීමියාව, ඩෙංගු සහ දියවැඩියාව යන රෝග වලින් ආරක්ෂා වීම සඳහා ජනතාවට පැහැදිලි මගපෙන්වීමක් ලබාදීම මෙම වැඩසටහන් වල මූලික ඉලක්කය වී තිබේ.

ලොව පුරාම මෙන්ම ශ්‍රී ලංකාවේද බොහෝ දෙනෙකුට නොදැනුවත්වම මරු කැඳවන රෝගයක් බවට දියවැඩියාව මේ වනවිට පත්වී ඇත. රෝගය වැළඳීමේ අවදානම සහ ඉන් ප්‍රවේශම් වන ආකාරය පිළිබඳව නිසි පරිදි දැනුවත් වීම මගින් බොහෝදුරට දියවැඩියාව වළක්වාගත හැකි වේ. දිවයින පුරා සෞඛ්‍ය අමාත්‍යංශ කාර්යාල සහ බෝ නොවන රෝග නිවාරණ ඒකක සමග එක්වී, දියවැඩියාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට යුනියන් මනුෂ්‍යත්වය කටයුතු කර ඇත්තේ ඒ නිසා ය. මේ යටතේ දියවැඩියාව වැළඳීමේ අවදානම සහිත පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ට නිසි දැනුම ලබාදී, රෝගය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් වෙත යොමුකරවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුවී තිබේ.

මෙම දීපාව්‍යාප්ත වැඩසටහන ජූනි, ජූලි සහ අගෝස්තු යන මාස වලදී ක්‍රියාත්මක විය. එමගින් දිවයිනේ ස්ථාන 71 කදී නොමිලේ පරීක්ෂණ වැඩසටහන් 71 ක් සංවිධානය කෙරුණු අතර එහිදී ජනතාවට නොමිලේ රුධිරයේ සීනි පරීක්ෂාවන්, රුධිර පීඩන පරීක්ෂාවන්, ශරීර ස්කන්ධ දර්ශක පරීක්ෂාවන් සහ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් වෙතින් උපදෙස් ලබාදීම සිදුකෙරිණි. සමස්ත වැඩසටහන යටතේ පුද්ගලයන් 2700 දෙනෙකු පමණ දැනුවත් කර ඇති අතර මේ අතරින් පුද්ගලයන් 891 දෙනෙකුට දියවැඩියා අවදානම පවතින බව හඳුනාගෙන, ඔවුන් වෛද්‍ය උපදෙස් වෙත යොමුකර තිබේ.

විශ්වාසය යන සන්නාම පොරොන්දුව සහ විනිවිදභාවය, ගෞරවණීයත්වය සහ පහසුව යන ගුණාංග සමගින් තම ගනුදෙනුකරුවන් සමග දීර්ඝකාලීන සම්බන්ධතාවන් ගොඩනංවා ගන්නා අතරම වඩාත් නිරෝගී හා සුරක්ෂිත සමාජයක් බිහිකිරීම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අරමුණයි. මෙම අරමුණ වෙනුවෙන් අනාගතයේදී තවත් වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිත අතර ඒ සියල්ල සමගින් යුනියන් මනුෂ්‍යත්වය තවතවත් ශක්තිමත් වෙමින් ඉදිරියටම යනු නිසැක ය.
- අවසානයි -