Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගම ආසියාවේ වඩාත්ම විශ්වාසය දිනූ ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයීමට ලක්වේ

පසුගිය අගෝස්තු 28 වන දින තායිලන්තයේ බැංකොක් නුවර ග්‍රෑන්ඞ් හයට් හෝටලයේදී පැවති 'Asia’s Most Trusted Brand Awards 2018' සම්මාන උළෙලේදී ‘ආසියාවේ වඩාත්ම විශ්වාසය දිනූ ජීවිත රක්ෂණ සමාගම’ සම්මානය හිමිකර ගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයට දායක වෙමින්, ව්‍යාපාරික අංශයෙන් ප්‍රකට කළ විශිෂ්ටත්වය වෙනුවෙන් ආසියාවේ සුප්‍රකට සහ වේගයෙන්ම වර්ධනය වන සන්නාම අතරට යුනියන් ඇෂුවරන්ස්ද එක්වූ අතර මෙම සන්නාම අතරට එක්වූ ආසියාවේ එකම ජීවිත රක්ෂණ සමාගම යුනියන් ඇෂුවරන්ස් වීම විශේෂත්වයකි.

සිය වසර 30 කට අධික ඉතිහාසය තුළ යුනියන් ඇෂුවරන්ස් සමාගම විවිධ සන්ධිස්ථාන රාශියක් පසුකර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස්වන ජීවන රටාවන්ට ගැළපෙන නවීන, සුවිශේෂී හා නිර්මාණශීලී ජීවිත රක්ෂණ විසඳුම් ලබාදීමට යුනියන් ඇෂුවරන්ස් කවදත් කටයුතු කළ අතර එම නිසාම ජනතාවගේ නොමඳ විශ්වාසය දිනාගැනීමට සමාගමට හැකියාව ලැබිණි.

තම දැවැන්ත මූල්‍ය ශක්තිය නිසාම, මෑතකදී Forbes Asia මගින් ප්‍රකාශයට පත්කළ ‘Forbes Best Under a Billion’ ලැයිස්තුවට ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකික සමාගම බවට පත්වීමටද යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. මේ අයුරින් එකම කාලය තුළ සුවිශේෂී ඇගයීම් දෙකක් හිමිවීම, යුනියන් ඇෂුවරන්ස් යනු කෙතරම් ස්ථාවර හා වේගයෙන් දියුණු වන සමාගමක්ද යන්න සම්බන්ධයෙන් මනා සාක්ෂියකි.

“මේ ආකාරයට පිට පිට සුවිශේෂී ඇගයුම් දෙකක් හිමිවීම අපට මහත් සතුටක්. මෙම සම්මාන, වසර 30 ක් පුරා ඉමහත් කැපවීමෙන් යුතුව මෙම සන්නාමය ගොඩනැංවීම සඳහා කටයුතු කළ මුළුමහත් යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායමටම ලැබුණු විශාල ගෞරවයක් ලෙස මා දකිනවා. ඒ වගේම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිමත්ම හා විශ්වාසදායකම සමාගමක් ලෙස ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් තුළ අප කෙරෙහි ඇති පිළිගැනීම මෙමගින් තවදුරටත් තහවුරු වේවි. මේ දිගු ගමනේදී අපට නොයෙක් අයුරින් සහය දුන් ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අලෙවි ප්‍රධානී කසුන් සමීර මහතා පැවසී ය.

සැබෑ වටිනාකම් සුරකිමින් විශිෂ්ට සේවාවක් සැලසීමට සෑම විටම උත්සාහ කරන යුනියන් ඇෂුවරන්ස් සමාගම එම උත්සාහය සමගින් සිය ගනුදෙනුකරුවන්ගේ ජීවන වෙනසක බැඳීමක් වෙනුවෙන් ඇපකැපවී සිටී.

ඡායාරූපය:
1- දර්ශන අමරසිංහ මහතා (සාමාන්‍යාධිකාරී - අලෙවි හා බෙදාහැරීම්) සහ කසුන් සමීර මහතා (අලෙවි ප්‍රධානී) 'Asia’s Most Trusted Brand' සම්මානය පිළිගත් අවස්ථාව
2-'Asia’s Most Trusted Brand Award 2018' සම්මාන උළෙලේදී යුනියන් ඇෂුවරන්ස් වෙත හිමිවූ සම්මානය