Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යූනියන් ඇෂූවරන්ස් සමාගම FORBES සඟරාවේ “BEST UNDER BILLION” සමාගම් අතරට එක්වෙයි

වසර 30ක කාලයක් පුරාවට ජීවන වෙනසක බැඳීම සියලු ශ්‍රී ලාංකිකයන්ට තිළණ කරන යූනියන් ඇෂුවරන්ස් සමාගම, ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ සමීක්ෂණයකට අනුව “BEST UNDER BILLION” සමාගම් අතරින් එකක් බවට පත්වීමට සමත්ව තිබෙනවා. සමාගම් 200කින් සමන්විත මෙම ලැයිස්තුවට මෙවර එක් වූ එකම දේශීය සමාගම වන්නේද යූනියන් ඇෂූවරන්ස් සමාගමයි. පසුගිය වසර කිහිපයක දත්ත උපයෝගී කරගෙන සමාගමේ ආදායමත්, ලාභය හා සමාගමේ වර්ධනය පිළිබඳව සැළකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ සමාගම් 24,000ක් යොදාගෙන මෙම සමීක්ෂණය සිදු කර ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 5ත් බිලියනයත් අතර ආදායමක් ලබන අති සාර්ථක හා හොඳම සමාගම් 200ක් “BEST UNDER BILLION” සමාගම් අතරට තෝරා ගන්නා ලදි.

දැවැන්ත මූල්‍ය ස්ථාවරත්වය හා විශිෂ්ටත්වය මේ සඳහා පිටිවහලක් වූ අතර, අප හා අත්වැල් බැඳගෙන සිටින, අප කෙරෙහි සිය විශ්වාසය තබා තිබෙන අප සේවා ලබන පාරිභෝගිකයන් සැමද මේ සඳහා සුවිශාල දායකත්වයක් ලබා දුන්නා. යූනියන් ඇෂුවරන්ස් සමාගම හා අප පාරිභෝගිකයන් අතර ඇති කරගත් ජීවන වෙනසක සාර්ථක බැඳීම විදහාපාන හොඳම නිදසුන මෙයයි.

නිරන්තරයෙන් නව්‍යකරණය වෙමින් ජාත්‍යන්තරය ජයගනිමින් ඉදිරියට ඇදෙන විශිෂ්ට මූල්‍ය සමාගමක් ලෙස සේවයට හිතකර ආයතනික පරිසරයක් අප සහෝදර සේවකයන් සැමටම ලබා දෙමින් හා නව තාක්ෂණික සහයෙන් ඔවුන්ව සන්නද්ධ කර තිබීමත් මේ ජයග්‍රහණයට එක් හේතුවක් වෙනවා. ඉන් පන්නරය ලබන අප සහෝදර සේවක මණ්ඩයත් මෙම ජයග්‍රහණයේ උරුමකරුවන් වෙයි.

FORBES සඟරාවේ “BEST UNDER BILLION” සමාගම් අතරට එක්වීමේ ජයග්‍රහණය පිළිබඳව යූනියන් ඇෂූවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී තුමා වන ඩර්ක් පෙරේයිරා මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“BEST UNDER BILLION” සමාගම් අතරට එක් වූ එකම සමාගම අප යූනියන් ඇෂුවරන්ස් සමාගමයි. මෙය ඇත්තටම අපිට ආඩම්බරයක්. මේ ජයග්‍රහණයට උරුමකම් කිව යුතු බොහෝ දෙනෙක් සිටිනවා. අප සේවා දායකයන්, සේවා ලාභීන්, අප සහෝදර සේවක මණ්ඩලයට හා අප හා සම්බන්ධව සිටින සියලුම පාර්ශවයන්ට මේ අවස්ථාවේදී මම පුද්ගලිකව ස්තූති කරනවා. යූනියන් ඇෂූවරන්ස් සමාගමේ සාර්ථකත්වය ගැන විශ්වාස කරන්නට හැකි තවත් හේතුවක් තමයි මේ ජයග්‍රහණය. ඉතිං සාර්ථක ජීවන වෙනසක බැඳීමක් අප පාරිභෝගිකයන්ට පිරිනමන්නට හැකි බව අපි සෑමට විටම ඔප්පු කර පෙන්වනවා. ඉදිරියේදීත් එය එසේමයි.”

© 2018, Forbes Media LLC. අවසරය යටතේ භාවිතා කරන ලදී.

ඩර්ක් පෙරෙයිරා මහතා - අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී (යූනියන් ඇෂුවරන්ස්)