Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් වෙතින් Union Ultra Circle Plus

තම බැංකු රක්ෂණ සේවා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රාශියක් පිරිනැමීමේ අරමුණ ඇතිව යුනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ අංශය විසින් මෙම වසරේදී ඹබසදබ ඹකඑර් ක්‍සරජකැ ඡුකමි සමාජිකත්ව ක‍්‍රමය හඳුන්වා දෙන ලදි. මෙය සුවිශේෂී සමාජිකත්ව කවයක් වන අතර, සාමාජිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් හිමිවීමට අමතරව සමස්තයක් ලෙස ඔවුන්ගේ ජීවන රටාවන්ට සෑම අතින්ම ප‍්‍රතිලාභ සලසන සුවිශේෂී විධිවිධාන රැසක් මෙහි අඩංගු වේ. අදාළ ඹකඑර් ක්‍සරජකැ ඡුකමි සාමාජිකයාටම සුවිශේෂී වූ අවශ්‍යතාවන් හඳුනාගෙන, ඒ අනුව සේවාවන් සැලසීම මෙහි ඇති විශේෂත්වයයි.

යුනියන් ඇෂුවරන්ස් යනු දැනටමත් සිය ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සලසන සමාගමක් වන අතර, එම සේවාවට අමතරව තම ප‍්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්ට වඩාත් සුවිශේෂී වූ සේවාවක් සැලසීම සඳහා ඹකඑර් ක්‍සරජකැ ඡුකමි ක‍්‍රමය සැලසුම් කර ඇත. ඒ අනුව මෙම ක‍්‍රමය යටතේ ඹබසදබ ඹකඑර් ක්‍සරජකැ ඡුකමි සාමාජිකයන්ට සතියේ සෑම දිනකම දවසේ පැය 24 පුරා පළමු පන්තියේ සේවාවක් හිමි වේ.
‘‘යුනියන් ඇෂුවරන්ස් යනු සෑම විටම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව සේවාවන් ලබාදීම ස`දහා උනන්දු වන සමාගමක්. මේ ආකාරයට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගෙන, එම අවශ්‍යතාවන් වඩාත් හොඳින් සපුරාලීම සඳහා දියත් කළ තවත් සුවිශේෂී සේවාවක් ලෙස ඹබසදබ ඹකඑර් ක්‍සරජකැ ඡුකමි සමාජිකත්ව ක‍්‍රමය පෙන්වා දීමට පුළුවන්. මේ ආකාරයට දිගින් දිගටම ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන්ට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ ජීවන වෙනසක බැඳීමක විශ්වාසනීය සහකරු ලෙස ඔවුන් සමග පෙරට යාම අපගේ ඉලක්කයයි.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතා පැවසී ය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, මෙරට විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි. සිය 30 වසරක විශිෂ්ටත්වය සමගින් දිගින් දිගටම තම මානව සම්පත්, සේවාවන් සහ ක‍්‍රියාවලි වැඩිදියුණු කරමින්, සියලූම හවුල්කරුවන්ගේ ජීවන වෙනසක බැඳීමක විශ්වාසනීය සහකරුවා බවට පත්වීම සමාගමේ ඉලක්කය වේ. අංග රැුසකින් සමන්විත යුනියන් ඇෂුවරන්ස් අලෙවි ජාලයේ එක් වැදගත් අංගයක් වන බැංකු රක්ෂණ සේවා අංශය නවීනතම තාක්ෂණය භාවිතා කරන, අත්දැකීම් බහුල, විශිෂ්ට කණ්ඩායමක් මගින් මෙහෙයවනු ලබන අතර ඔවුහු සෑම විටම ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, විශ්වාසනීය හා විශිෂ්ට සේවාවක් ලබාදීමට කැපවී සිටිති.