Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

‘යුනියන් මනුෂ්‍යත්වය’ - යුනියන් ඇෂුවරන්ස් නව ප‍්‍රජා සත්කාර සන්නාමය දියත් කෙරේ

ශ‍්‍රී ලංකාවේ පවතින බරපතල සෞඛ්‍ය ගැටලූවලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත් යුනියන් ඇෂුවරන්ස් ප‍්‍රජා සත්කාර වැඩසටහන මේ වනවිට ‘යුනියන් මනුෂ්‍යත්වය’ නමින් විශේෂ සන්නාමයක් යටතේ දියත් කර තිබේ

ශ‍්‍රී ලංකාවේ පවතින බරපතල සෞඛ්‍ය ගැටලූවලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත් යුනියන් ඇෂුවරන්ස් ප‍්‍රජා සත්කාර වැඩසටහන මේ වනවිට ‘යුනියන් මනුෂ්‍යත්වය’ නමින් විශේෂ සන්නාමයක් යටතේ දියත් කර තිබේ. පසුගිය දෙසැම්බර් 02 වනදා දියත් කරන ලද මෙම ‘යුනියන් මනුෂ්‍යත්වය’ වැඩසටහන මගින් පෙරටත් වඩා පුළුල් ලෙස මෙරට නිරෝගී සමාජයක් බිහිකිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකෙරෙනු ඇති බව සමාගම පවසයි. නව සන්නාමය දියත් කිරීමෙන් අනතුරුව මුළු දිවයිනම ආවරණය වන පරිදි ප‍්‍රජා සත්කාර සතියක් පැවැත්වීමටද යුනියන් ඇෂුවරන්ස් කටයුතු යොදා ඇත. දෙසැම්බර් 7 දින සිට 14 දින දක්වා පැවැත්වෙන මෙම ප‍්‍රජා සත්කාර සතිය තුළදී කොළඹ, යාපනය, වවුනියාව, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, අම්පාර සහ මාතර යන ප‍්‍රදේශවලදී මූලික වශයෙන් දියවැඩියා පූර්ව-පරීක්ෂණ කඳවුරු පැවැත්වීමට සමාගම පියවර ගෙන තිබේ. ඊට අමතරව සමාගම විසින් පවත්වනු ලබන අනෙකුත් ප‍්‍රජා සත්කාර වැඩසටහන් පිළිබඳවද ජනතාව දැනුවත් කෙරෙන අතර ඒ සම්බන්ධ අත්පත‍්‍රිකාද ජනතාව අතර බෙදාහැරෙනු ඇත. යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රජා සත්කාර වැඩසටහන මූලික වශයෙන් ඩෙංගු, තැලසීමියාව සහ දියවැඩියාව යන රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගෙන ක‍්‍රියාත්මක වේ. මේ යටතේ දිවයින පුරා වෙසෙන විශාල ජනතාවක් ආවරණය කරමින් නිරෝගීමත් සමාජයක් බිහිකිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් දැක්වීමට සමාගම මේ වනවිටත් සමත් වී ඇත. ”අපේ ප‍්‍රජා සත්කාර වැඩසටහන් සඳහා දැනටමත් අතිවිශාල ප‍්‍රතිචාරයක් ලැබී තිබෙනවා. ඒ නිසා අපේ මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් නව සන්නාමයක් යටතේ එම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. මේ ඔස්සේ වඩාත් නීරෝගී සමාජයක් බිහිකිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් දැක්වීමට අපට හැකිවේවි.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතා පැවසී ය. ”සමාජය සංකීර්ණ වීමත් සමග ලෙඩ රෝග බහුලව පැතිරීම සිදුවී තිබෙනවා. කෙසේ නමුත් නිසි ලෙස දැනුවත් වීම මගින් මේ බොහොමයක් ලෙඩරෝග වළක්වාගන්නට පුළුවන්. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යුනියන් ඇෂුවරන්ස් සමාගම දක්වන කැපවීම අප අගය කළ යුතුයි.” කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා අදහස් දැක්වූයේ එසේ ය. ”තැලසීමියාව වළක්වා ගැනීමට ඇති හොඳම මග ඒ පිළිබඳව දැනුවත් වීමයි. තැලසීමියාව සම්බන්ධයෙන් එවැනි දැනුවත් කිරීම් සිදුකිරීමට යුනියන් ඇෂුවරන්ස් කලක පටන් දායකත්වය දක්වනවා.‘යුනියන් මනුෂ්‍යත්වය’ යටතේ එම වැඩසටහන් තවදුරටත් පුළුල් වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.” ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ ආයතන භාර ළමා විශේෂඥ වෛද්‍යතුමන් වන වෛද්‍ය ජේ. එම්. නිලාම් මහතා පැවසී ය. ‘විශ්වාසය’ යන සන්නාම පොරොන්දුව ප‍්‍රමුඛ කරගත් යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ සමාගමේ මූලික ලක්ෂණය වන්නේ සිය ගනුදෙනුකරුවන් ඇතුළු සියලූම පාර්ශ්ව වෙනුවෙන් විනිවිදභාවය, ගෞරවනීයත්වය සහ පහසුව සහතික කිරීමයි. එමෙන්ම සිය ප‍්‍රජා සත්කාර වැඩසටහන් යටතේ වඩාත් සෞඛ්‍ය සම්පන්න හා සුරක්ෂිත සමාජයක් ගොඩනැගීම සඳහා සමාගම දරන උත්සාහය මේ වනවිට බොහෝ දෙනෙකුගේ ප‍්‍රශංසාවට ලක්වී ඇත. මෙම උත්සාහය පෙරටත් වඩා සාර්ථක කරගනිමින් නව ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කරගැනීමට ‘යුනියන් මනුෂ්‍යත්වය’ මහඟු පිටිවහලක් වනු ඇති බව යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ සමාගම විශ්වාසය පළකර සිටී.