Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රජා සත්කාර වැඩසටහන ‘යුනියන් මනුෂ්‍යත්වය’ නොනැවතී පෙරටම

යුනියන් ඇෂුවරන්ස් සමාගම දියත් කළ ‘යුනියන් මනුෂ්‍යත්වය’ ප‍්‍රජා සත්කාර සන්නාමය මේ වනවිට ‘දැනුවත්, සුවපත්, යහපත් හෙටක්’ යන තේමාව ඔස්සේ තම සමාජ මෙහෙවර ඉටුකරමින් සාර්ථක ලෙස ඉදිරියට යමින් පවතී. සමාගමේ සියලූම ප‍්‍රජා සත්කාර වැඩසටහන් එකම තේමාවක් යටතට ගනිමින් යුනියන් මනුෂ්‍යත්වය නිර්මාණය කර තිබේ.

අදාළ බලධාරීන්ගේ නොමඳ සහයෝගය සහ යුනියන් ඇෂුවරන්ස් ශාඛා ජාලයේ සාමාජික සාමාජිකාවන්ගේ උනන්දුව හා කැපවීම ඔස්සේ මේ වනවිටත් රටපුරා ඩෙංගු රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 50 කට වැඩි සංඛ්‍යාවක්, තැලසීමියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමට වැඩසටහන් 100 කට වැඩි සංඛ්‍යාවක් සහ දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 45 ක් යුනියන් මනුෂ්‍යත්වය යටතේ සාර්ථක ලෙස ක‍්‍රියාවට නංවා ඇත.

2017 වසරේදී ඩෙංගු රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව අතරට දොරින් දොරට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ශ‍්‍රමදාන වැඩසටහන්, අත්පත‍්‍රිකා බෙදා දීම, ස්ටිකර් ඇලවීම සහ, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට විශේෂ ඩෙංගු පාලන නියමු ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නැංවීම වැනි වැඩසටහන් රාශියක් ඇතුළත්වී තිබිණි. ඒ අනුව දොරින් දොරට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් 12 ක් සහ ශ‍්‍රමදාන වැඩසටහනක්, අත්පත‍්‍රිකා බෙදාහැරීමේ වැඩසටහන් 39 ක් සහ ස්ටිකර් බෙදාදීමේ වැඩසටහනක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ක‍්‍රියාවට නංවන ලදි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ක‍්‍රියාත්මක කරන ලද ඩෙංගු රෝග මර්දන නියමු ව්‍යාපෘතිය 2017 ජනවාරි 05 වනදා කිරුළපන සිද්ධාර්ථපුර නිවාස සංකීර්ණයේදී ආරම්භ වී 2018 ජනවාරි 20 වන දින සාර්ථක ලෙස අවසන් විය. ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප‍්‍රදේශයේ දරුවන් තුළ චර්යාත්මක වෙනස්කම් ඇතිකරවීම මෙහි ඉලක්කය වී තිබිණි.

එමෙන්ම දියවැඩියාව රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුණ ඇතිව යුනියන් මනුෂ්‍යත්වය යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි. දියවැඩියා අවදානමක් සහිත පුද්ගලයන් හඳුනාගැනීම සහ, එසේ හඳුනාගනු ලබන පුද්ගලයන්ට තම රුධිරගත සීනි මට්ටම පාලනය කරගනිමින් නිරෝගී ජීවිතයක් ගතකිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීමේ අරමුණ ඇතිව දියවැඩියා පරීක්ෂාවන් සිදුකිරීමේ වැඩසටහන් 47 ක් පැවැත්විණි. මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස වැඩි පිරිසක් දැනුවත් කිරීම සඳහා, 2017 නොවැම්බර් 14 වන දිනට යෙදී තිබූ ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ලිපි මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදි.

මීට අමතරව දිගු කාලයක පටන් මෙරට තැලසීමියා රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුනියන් ඇෂුවරන්ස් ප‍්‍රජා සත්කාර වැඩසටහන් මගින් නොමඳ දායකත්වයක් ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් 30 ක් මෙන්ම රුධිර පරීක්ෂණ වැඩසටහන් 75 කට අධික සංඛ්‍යාවක් මේ වනවිටත් පවත්වා ඇත. මෙම වැඩසටහන් සඳහා කුරුණෑගල පිහිටි ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ සහ 'Hemal’s Adolescent & Adult Thalassemia Care' ආයතනයේ නොමඳ සහයෝගය හිමිවී තිබේ.

විශ්වාසය යන සන්නාම පොරොන්දුව සහ විනිවිදභාවය, ගෞරවණීයත්වය සහ පහසුව යන ගුණාංග සමගින් තම ගනුදෙනුකරුවන් සමග දීර්ඝකාලීන සම්බන්ධතාවන් ගොඩනංවා ගන්නා අතරම වඩාත් නිරෝගී හා සුරක්ෂිත සමාජයක් බිහිකිරීම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අරමුණයි. මෙම අරමුණ වෙනුවෙන් අනාගතයේදී තවත් වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිත අතර ඒ සියල්ල සමගින් යුනියන් මනුෂ්‍යත්වය තවතවත් ශක්තිමත් වෙමින් ඉදිරියටම යනු නිසැක ය.