Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් 2017 SLITAD සම්මාන උළෙලේදී ප්ලැටිනම් සම්මානයකින් පිදුම් ලබයි

සිව්වන වරටත් සංවිධානය කරන SLITAD සම්මාන උළෙලේදී මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ප්ලැටිනම් සම්මානයකින් පිදුම් ලැබීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා සමත් විය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, මෙරට විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි.

මානව සම්පත් සංවර්ධන අංශයට අදාළව පුහුණුව සහ විශිෂ්ටතම ක‍්‍රමවේදයන් භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇගයීමට ලක්කිරීම SLITAD සම්මාන උළෙලේ අරමුණ වේ. මෙම සම්මාන සඳහා අයදුම් කළ ආයතන වල ලිඛිත විස්තර සලකා බැලීමෙන් සහ එම ආයතන වෙත පැමිණ සිදුකරන ලද පරීක්ෂාවකින් අනතුරුව සම්මාන සඳහා ආයතන 17 ක් මෙවර තෝරාගන්නා ලදි.

2013 සහ 2014 වසර වලදී ීඛෂඔ්ෘ රන් සම්මාන සහ 2015 වසරේදී දියමන්ති සම්මාන දිනාගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. මෙවර සම්මාන උළෙල 2017 දෙසැම්බර් 13 වන දින කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී පැවති අතර එහිදී ප්ලැටිනම් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් වූ එකම සමාගම යුනියන් ඇෂුවරන්ස් වීම විශේෂත්වයකි. මෙම සම්මානය, SLITAD සම්මාන ඉතිහාසයේ ඉහළම ගෞරවණීය සම්මානය ලෙස සැලකේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) සුරේෂ් මුත්තයියා මහතා මෙසේ පැවසී ය. ‘‘මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් මේ ආකාරයට දිගින් දිගටම සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම අපට විශාල සතුටක්. යුනියන් ඇෂුවරන්ස් යනු ක්ෂේත‍්‍රයට නව හඳුන්වා දීම් සිදුකරමින් වේගයෙන් දියුණුව කරා යාම සමාගමක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම ගමනේදී අපගේ ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීමට අවශ්‍ය හැකියාවන් හා කුසලතාවන් කාර්ය මණ්ඩලය තුළ වර්ධනය කරවන අතරම ඔවුන්ගේ වෘත්තීය දියුණුවට පුළුල් ලෙස අවස්ථාවන් සලසා දීම ඉතාමත් වැදගත් කියා අප විශ්වාස කරනවා.”

කවදත් තම කාර්ය මණ්ඩලයේ සුභසිද්ධියට ප‍්‍රමුඛත්වය ලබාදෙන සහ තම සාර්ථකත්වයේ පදනම තම කාර්ය මණ්ඩලය බව අවධාරණය කරන සමාගමක් ලෙස දිගින් දිගටම මානව සම්පත් සංවර්ධනයේ විශිෂ්ටතම ක‍්‍රමවේද ක‍්‍රියාත්මක කිරීම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ඉලක්කය වේ. මෙබඳු සම්මාන සමාගම වෙත හිමිවීම, සාම්ප‍්‍රදායික සීමා මායිම් ඉක්මවා යමින් විශිෂ්ටත්වය ළඟාකරගැනීම සඳහා සමාගමේ කාර්ය මණ්ඩලය දිරිගන්වන හේතුවක්ද වනු නිසැක ය.

ඡායාරූපය:

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ මානව සම්පත් කණ්ඩායම ප්ලැටිනම් සම්මානය ලබාගනිමින්