Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගම 2017 තුන්වන කාර්තුවේදීත් සාර්ථක මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ පැහැදිලි ප‍්‍රගතියක් වාර්තා කරමින් පෙර වසරට සාපේක්ෂව සමස්ත වාරික ආදායමේ 20% ක වර්ධනයක් පෙන්නුම් කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය.

සමාගමේ ආයෝජන ආදායම 24% කින් වැඩිවූ අතර කොටස් ආයෝජන සම්බන්ධ වෙළඳපොළ තත්ත්වයන් වාසිදායක වීම නිසා සමස්ත ශුද්ධ ආදායම 26% කින් ඉහළ ගොස් ඇත.

කල්පිරීමේ ගෙවීම් නිසා ශුද්ධ රක්ෂණ ප‍්‍රතිලාභ හා හිමිකම් මුදල් ගෙවීම් 51% කින් වැඩිවී ඇත. එමෙන්ම ජීවිත රක්ෂණ අරමුදලට රු. බිලියන 5.2 ක මුදලක් බැර කරන ලද අතර, ඒ අනුව 2017 සැප්තැම්බර් 30 දින වනවිට යහපත් නුබුන් වත්කම් අනුපාතයක්ද සමගින් යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 35 ක් ලෙස වාර්තා විය. මෙය ව්‍යාපාරයේ මූල්‍ය ශක්තියට මනා සාක්ෂියකි.

මෙම කාර්තුවේ ලාභය රු. මිලියන 267 ක් වූ අතර එය 2016 වසරේ මෙම කාලසීමාවේ වාර්තා වූයේ රු. මිලියන 190 ක් ලෙසිනි. යුනියන් ඇෂුවරන්ස් සමාගම 22% ක කොටස් හිමිකාරීත්වය දරන ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර වලින් ලද රු. ම්ලියන 117 ක ලාභයද මීට ඇතුළත් වේ.

මෙම කාර්තුවේ ලාභයට ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ අතිරික්තය ඇතුළත් වී නොමැති අතර එය වසර අවසානයේදී ආයුගණකව තක්සේරු කෙරෙනු ඇත.

රක්ෂණයේ වටිනාකම සහ ජීවිත රක්ෂණ විසඳුම් ඔස්සේ කෙනෙකුට මූල්‍යමය සාර්ථකත්වය ළඟා කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගම විසින් මෑතකදී පුළුල් ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදි. ඔක්තෝබර් 9 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන නොවැම්බර් මස මැදදී අවසන් වනු ඇත.

එමෙන්ම නවීන තාක්ෂණය සමග සුවිශේෂී සේවාවන් එක්තැන් කිරීම සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටින යුනියන් ඇෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්රයේ ප්රථම වරට ෆෙස්බුක් මැසෙන්ජර් පදනම භාවිතා කරමින් කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණය පදනම් කරගත් අතථ්‍ය රක්ෂණ සේවා උපදේශක සේවාවක් (Virtual Insurance Advisor) දියත් කිරීමටද පසුගියදා කටයුතු කළේ ය. ‘Ask Amanda’ ලෙස නම්කර ඇති මෙය ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳින් ගැළපෙන රක්ෂණ විසඳුම් සම්බන්ධ යෝජනා ඉදිරිපත් කළ හැකි වන පරිදි සැලසුම් කර තිබේ. එමෙන්ම දැනට යුනියන් ඇෂුවරන්ස් සමාගම වෙතින් රක්ෂණ විසඳුම් ලබාගෙන ඇති ගනුදෙනුකරුවන්ටද හිමිකම් මුදල් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සහ තම රක්ෂණ සැලසුම් වල තොරතුරු පරීක්ෂා කිරීමට මෙම සේවාව භාවිතා කළ හැක.

අත්දැකීම් බහුල හා උද්‍යෝගීමත් වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප‍්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම තලයේ ප‍්‍රති-රක්ෂණ සමාගම් සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් ආදී සාධකවලින් පන්නරය ලබන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ මූලික ඉලක්කය වන්නේ සිය තිස් වසරක විශිෂ්ටත්වය සමගින් ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සමගින් ඉහළම තලයේ සේවාවක් සැලසීම ය. නිර්මාණශීලී ප‍්‍රවේශයන් සමගින් ක‍්‍රමෝපායිකව සිය ව්‍යාපාර කටයුතු ඉදිරියට රැගෙන යන අතරම ගනුදෙනුකරුවන්ට උපරිම වටිනාකම් ළඟාකර දෙමින් ඔවුන්ගේ සාර්ථකත්වයේ හවුල්කරුවා බවට පත්වීම සඳහා සමාගම කැපවී කටයුතු කරමින් සිටී.