Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම Insurance Chat Bot Consultant සේවය හඳුන්වා දෙයි

මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ තුළ දශක 3 කට අධික කාලයක් පුරා විහිදුණු තම මෙහෙවරෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට Insurance Chat Bot Consultant සේවය හඳුන්වා දීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කර තිබේ. Facebook Messenger පදනම් කරගත් කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණ ක‍්‍රමයක් (Artificial Intelligence) මඟින් මෙහෙයවන වන මෙය නම් කර ඇත්තේ 'Ask from Amanda' යනුවෙනි. මෙම ක‍්‍රමය මගින් ජනතාවට යුනියන් ඇෂුවරන්ස් හි සේවාවන් සම්බන්ධයෙන් ඇති ප‍්‍රශ්න වලට Chat Bot එකක් සමග චැට් කිරීමෙන් පිළිතුරු ලබාගත හැකි වේ.

Facebook වෙබ් අඩවිය හඳුන්වා දී ඇති ජනප‍්‍රිය සංවාද පදනමක් වන Facebook Messenger යෙදුම භාවිතා කරමින්, සාමාන්‍යයෙන් පුද්ගලයෙකු සමග chat කරන ආකාරයට සංවාදයෙහි යෙදී, රක්ෂණ සේවාවන් සම්බන්ධයෙන් සහය ලබාගැනීමේ අවස්ථාව සලසා දීම මෙම Chat Bot හඳුන්වා දීමේ ප‍්‍රධාන අරමුණ විය.

ප‍්‍රධාන අංශ 3 ක් ඔස්සේ ගනුදෙනුකරුවන්ට සහය වීමට Amanda සූදානමින් සිටී. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට සුදුසු රක්ෂණ වර්ග නිර්දේශ කිරීමට මෙන්ම ගනුදෙනුකරුගේ අවශ්‍යතා පුළුල් ලෙස විශ්ලේෂණයට ලක්කරමින් ඔහුට හෝ ඇයට වඩාත්ම හොඳින් ගැළපෙන ජීවිත රක්ෂණ වර්ගය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට මෙයට හැකියාව ඇත. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මෙම ක‍්‍රියාවලිය සිදුකළ හැකිවන ආකාරයට Amanda සැලසුම් කර තිබේ.

එමෙන්ම දැනටමත් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සේවාවන් ලබාගෙන සිටින ගනුදෙනුකරුවන් වෙනුවෙන් හිමිකම් මුදල් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ සේවාවන් (Claims Intimation) මෙන්ම රක්ෂණ සැලසුම් සේවාවන් (Policy Services) ලබාදීමේ හැකියාව මෙම Chat Bot සතු ය. හිමිකම් මුදල් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ සේවාව යටතේ ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් හිමිකම් මුදල් ඉල්ලීමේ ක‍්‍රියාවලිය ආරම්භ කළ හැකි අතර එම ක‍්‍රියාවලිය පුරා එහි ප‍්‍රගතිය ඔවුන්ට දැනුම් දීමටද කටයුතු කෙරේ. රක්ෂණ සැලසුම් සේවාව නිසා ගනුදෙනුකරුවන්ට වෙනත් ජංගම දුරකථන යෙදුම් හෝ වෙබ් අඩවි වලට පිවිසීමෙන් තොරව, තමන් එදිනෙදා භාවිතා කරන චැට් පදනමක් තුළින්ම තම රක්ෂණ සැලසුම් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

Amanda හඳුන්වා දීම යනු පාරිභෝගික පහසුව සැලසීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධ නව මානයක් සනිටුහන් කරන පියවරක් බව යුනියන් ඇෂුවරන්ස් සමාගමේ විශ්වාසය වේ. මීට පෙර ගනුදෙනුකරුවන්ට තම රක්ෂණ ඔප්පුවේ ඇති අපැහැදිලි තැන් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් පැහැදිලි කරගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා OR Code ස්කෑන් කර වීඩියෝ අනුසාරයෙන් සරල බසින් කෙරෙන විශේෂ ක‍්‍රමවේදයක් හඳුන්වා දීමටද සමාගම කටයුතු කළේ ය. රක්ෂණ ක්ෂේත‍්‍රයේ සුලභ ගැටලූවක් වන පාරිභාෂික පද තේරුම් ගැනීමේ අපහසුවට මෙම ක‍්‍රමය මනා විසඳුමක් වී ඇත.

ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම Chat Bot සේවාව අත්හදා බැලීම සඳහා www.facebook.com/AskFromAmanda/ ලිපිනය වෙත පිව්සෙන්න.