Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ රක්ෂණ ඔප්පු දැන් ඩිජිටල් තාක්ෂණය සමගින් සරල බසින්

රක්ෂණ ඔප්පුවල භාවිතා වන තාක්ෂණික යෙදුම් අවබෝධ කරගැනීම බොහෝ දෙනෙකුට දුෂ්කර වීම කලක පටන් පැවති ගැටලුවකි. මෙම ගැටලුවට නිර්මාණශීලී විසඳුමක් ඉදිරිපත් කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම මෑතකදී කටයුතු කළේ ය.

මේ අනුව නවීන ඩිජිටල තාක්ෂණය යොදාගෙන, සාමාන්‍ය ජනතාවට වටහාගැනීමට පහසු වචන හා යෙදුම් භාවිතයෙන් රක්ෂණ ඔප්පුවේ ඇතුළත් කරුණු පැහැදිලි කිරීමට යුනියන් ඇෂුවරන්ස් පියවර ගෙන තිබේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ සමාගමක් මෙවැනි වැඩසටහනක් දියත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ අනුව මින් ඉදිරියට යුනියන් ඇෂුවරන්ස් සමාගම විසින් නිකුත් කරනු ලබන සියලුම රක්ෂණ ඔප්පුවල අදාළ ස්ථානවල QR Code මුද්‍රණය කර ඇති අතර ස්මාර්ට්ෆෝන් එකක් හෝ Tab පරිගණයක් භාවිතයෙන් මෙම QR Code ස්කෑන් කර වීඩියෝ අනුසාරයෙන් සරල බසින් කෙරෙන පැහැදිලි කිරීමක් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබේ.

“යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් ජනතාවට සරල බසින් පැහැදිලි කිරීම් ඉදිරිපත් කරමින් ඒවායේ විනිවිදභාවය තවදුරටත් තහවුරු කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මේ ඔස්සේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය තවත් ඉහළ යනු ඇතැයි කියා අප සිතනවා.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතා පැවසී ය.

“ජීවිත රක්ෂණය යන්න සාමාන්‍යයෙන් සැලකෙන්නේ සංකීර්ණ මාතෘකාවක් ලෙසයි. මේ නිසා බොහෝ විට ඇතැම් අයට ජීවිත රක්ෂණයේ සැබෑ අරුත හා වැදගත්කම වටහාගැනීම අපහසු වී තිබෙනවා. රක්ෂණය සරල බසින් හඳුන්වා දීමේ විශේෂාංගය සහිතව ‘ඔබේ රක්ෂණ ඔප්පුව සජීවීව දකින්න’ යන නමින් රක්ෂණ ඔප්පුවක් හඳුන්වා දීමට අප කටයුතු කළේ ඒ නිසයි. මෙම පියවර මගින් ජනතාවට රක්ෂණයේ සැබෑ අරුත සරලව වටහාගැනීමට හැකියාව ලැබේවි.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (ජීවිත රක්ෂණ) ඉරෝෂිනී තිත්තගල මහත්මිය පැවසුවා ය.

විශ්වාසය යන පදනම මත, පහසුව, ගෞරවණීයත්වය සහ විනිවිදභාවය යන සන්නාම වටිනාකම් පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, සිය ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් ලබාදීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු කරයි. මේ ආකාරයට තම ගනුදෙනුකරුවන් ඇතුළුව සියලුම පාර්ශ්ව සඳහා ‘විශ්වාසනීය හෙට දවසක්‘ යන පොරොන්දුව ඉටුකරමින් සිය ඩිජිටල් ගමන්මගේ අඛණ්ඩව පෙරට යාම සමාගමේ ඉලක්කය වේ.