Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව 5 වසරක් Great Place to Work© බවට පත්වීම වෙනුවෙන් විශේෂ සම්මානයක්

අඛණ්ඩව 5 වන වරටත් Great Place to Work© ඇගයීමෙන් පිදුම් ලැබීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා සමත් විය. සිය සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය හා පෞද්ගලික දියුණුව සඳහා හිතකර පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් පිරිනමන ලද මෙම සම්මානය, පසුගිය ජූනි 08 වනදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ‘ ඕක් රූම්‘ හිදී පැවති උත්සවයකදී සමාගම වෙත ප‍්‍රදානය කරන ලදි. යුනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව 5 වරක් Great Place to Work© බවට පත්වීම වෙනුවෙන් එම සමාගට විශේෂ ගෞරව සම්මානයක් (Laureate Status) ප‍්‍රදානය කිරීමටද Great Place to Work© (GPTW) ආයතනය කටයුතු කළේ ය.

GPTW 1: යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්* සුරේෂ් මුත්තයියා, අධ්‍යාපන හා සංවර්ධන ප‍්‍රධානී චම්මිකා ධර්මමාලි, කළමනාකරු (මානව සම්පත්* රොෂේන් වන්නිඅච්චි, සහ කළමනාකරු (බඳවාගැනීම් සහ සම්පත් සැලසුම්කරණ* ප‍්‍රින්සි දසනායක යන මහත්ම මහත්මීන් සම්මානය ලබාගත් අවස්ථාව

GPTW 2:යුනියන් ඇෂුවරන්ස් කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ මානව සම්පත් කණ්ඩායම අදාළ සම්මානය හිමිවීමෙන් පසු

දිගින් දිගටම මෙසේ Great Place to Work© ඇගයීම දිනාගැනීමට සමගාමීව වඩාත් ඵලදායී හා විශ්වසනීය රැුකියා පරිසරයක් නිර්මාණය කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගට හැකිවී ඇති අතර එය සමස්තයක් ලෙස සමාගමේ සාර්ථකත්වයටද බෙහෙවින් දායක වී තිබේ. තම සාමාජික සාමාජිකාවන්ට සාර්ථකත්වය ළඟාකරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙමින්, ඒ ඔස්සේ සමාජයේ යහපතට දායක වන අතරම ගනුදෙනුකරුවන්ටද වඩාත් විශිෂ්ට සේවාවක් තිළිණ කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම යුනියන් ඇෂුවරන්ස් හි අරමුණ වී ඇත.

මේ ආකාරයට රැුකියාව කිරීම සඳහා විශිෂ්ට පරිසරයක් නිර්මාණය කිරීමෙන් ව්‍යාපාරයකට තවත් අතිරේක ප‍්‍රතිලාභ රැුසක්ද හිමිවන අතර, දක්ෂ සේවකයන් සමාගම සමගම රැුඳී සිටීම සහ ඔවුන් සමාගම සම්බන්ධ යහපත් ප‍්‍රතිචාර සමාජය වෙත ලබාදීම ඒ අතරින් ප‍්‍රධාන ය. හැමවිටම කාර්ය මණ්ඩලයේ දායකත්වය අගයන සමාගමක් ලෙස ඉදිරියට යන යුනියන් ඇෂුවරන්ස් හි එම අදහස් හා සංකල්ප බෙහෙවින් සාර්ථක හා ඵලදායී බව මෙම ඇගයීම මගින් යළිත් වරක් ඔප්පු වේ.

මිනිස් ක‍්‍රියාකාරකම් වලට වඩාත් හොඳින් ගැළපෙන පරිදි තම ක‍්‍රියා පටිපාටි හා විධිවිධාන සකස් කිරීමට යුනියන් ඇෂුවරන්ස් සෑම විටම කටයුතු කරයි. මේ ආකාරයේ සුවිශේෂී හා නැවුම් ප‍්‍රවේශයන් නිසා වසර 30 ක කාලයක් තිස්සේ මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ පෙරමුණේ රැුඳී සිටීමට යුනියන් ඇෂුවරන්ස් සමත් වී තිබේ. වෘත්තීය සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම, කාර්ය සාධනය මූලික කරගත් රැුකියා පරිසරයක් ඇතිකිරීම සහ වෘත්තීය ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් අතර සමබරතාව පවත්වාගැනීමට උපකාරී වන වැඩසටහන් ක‍්‍රියාවට නැංවීම යනාදිය, යුනියන් ඇෂුවරන්ස් සැබැවින්ම ආදර්ශමත් රැුකියා ස්ථානයක් බවට පත්වීමට දායක වී ඇත.

‘‘කවදත් මානව සම්පතට මුල්තැන දෙන යුනියන් ඇෂුවරන්ස් සෑමවිටම විවෘත, සුරක්ෂිත, සියල්ලන්ට ගැලපෙන හා උද්යෝගිමත් රැුකියා පරිසරයක් පවත්වාගෙන යාමට උත්සාහ කරනවා. ඒ වගේම ශ‍්‍රම බලකායේ වෙනස්කම් වලට සමගාමීව අප මානව සම්පත් ක‍්‍රියාවලි සීරුමාරු කිරීමේ අභියෝග ජයගැනීමට සෑම විටම කටයුතු කළ යුතුයි. මේ තත්ත්වයන් නිවැරදිව වටහාගෙන ඒවාට ක‍්‍රමෝපායිකව අනුගත වීම මානව සම්පත් අංශය සතු විශාල වගකීමක්. එමෙන්ම විශිෂ්ට රැුකියා පරිසරයන් එක් රැුයකින් බිහි නොවන බවත් අප මතක තබාගත යුතුයි. එවැනි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කාර්ය මණ්ඩලය කෙරෙහි විශ්වාසය තබමින්, ඔවුන්ට සාඩම්බර මෙහෙවරක යෙදීමේ ඉඩකඩ සලසා දෙමින් ඔවුන් ඇගයීමට කටයුතු කළ යුතුයි. මෙය සැබැවින්ම අලූත් දේවල් අත්හදා බලමින් ඉදිරියට යන නොනවතින ගමනක් ලෙස හැඳින්වීමට පුළුවන්.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්* සුරේෂ් මුත්තයියා මහතා පැවසී ය.