Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් විශිෂ්ටයන්ගේ වාර්ෂික විදේශ සංචාරය මෙවරත්

මේ වසරේත් සිය විශිෂ්ටතම සාමාජිකයන් පිරිසකට විදේශ සංචාර ස`දහා අවස්ථාව සලසා දීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය.

යුනියන් ඇෂුවරන්ස් සමාගම යනු සිය ගනුදෙනුකරුවන්ට සෑමවිටම ඉහළම තලයේ සේවාවක් සැපයීම සඳහා කැපවී කටයුතු කරන සමාගමකි. මෙබඳු විශිෂ්ට සේවාවක් සැපයීමට සමාගමට හැකිවී ඇත්තේ දක්ෂතා සපිරි, හොඳින් පුහුණුව ලත් හා බෙහෙවින් උද්‍යෝගීමත් කණ්ඩායමක් එහි සේවයේ නියුතුව සිටින නිසා ය. වසර 30 ක කාලයක් පුරා මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන යුනියන් ඇෂුවරන්ස් සමාගම සෑම විටම ඉහළ දක්ෂතා පදනම් කරගත් රැුකියා සංස්කෘතියක් පවත්වාගත් අතර සිය සාමාජිකයන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් ආයෝජනය කිරීමටත්, ඔවුන්ගේ විශිෂ්ටත්වයන් ඇගයීමට ලක්කිරීමටත් නොපැකිළව කටයුතු කරයි.

තම කණ්ඩායමේ විශිෂ්ටයන් අතරින් වඩාත්ම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන පිරිස ඇගයීම සඳහා වාර්ෂිකව විදේශ සංචාර පිරිනැමීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙවරත් පියවර ගෙන තිබේ. 2016 වසර සඳහා එබඳු විශිෂ්ටයෝ 159 දෙනෙක් විදේශ සංචාර සඳහා සුදුසුකම් ලැබූහ. ඉහළම දක්ෂතා දැක්වූ 20 දෙනෙකුට ස්විට්සර්ලන්ත සංචාරයක් හිමිවූ අතර 15 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායමට සිංගප්පූරු සංචාරයක් සහ 94 දෙනෙකුගෙන් යුත් තුන්වන කණ්ඩායමට මැලේසියානු සංචාරයක් පිරිනමන ලදි. මෙම සෑම කණ්ඩායමකටම එම රටවල්වල සුවිශේෂී ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම් සහිත, සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන සියැසින් දැකබලාගැනීම සහ එකිනෙකට වෙනස් සංස්කෘතීන් වටහාගැනීම සඳහා ජීවිතයේ කිසිදිනක අමතක නොවන අවස්ථාවක් උදාවිය.

විශිෂ්ට රැුකියා වටාපිටාවක් සහිත ස්ථානයක් වීම නිසාිඨරු්එ ඡුක්ජැ එද උදරන’ ඇගයීමෙන් පිදුම් ලබා ඇති යුනියන් ඇෂුවරන්ස් සමාගම හැමවිටම සිය සාමාජික සාමාජිකයන්ට දැනුම පුළුල් කරගැනීමේ අවස්ථා හිමිකර දෙයි. රටේ වඩාත් ජනප‍්‍රියම රක්ෂණ සේවා සම්පාදක සමාගම බවට පත්වීමේ දැක්ම පදනම් කරගෙන එය සිය සේවාවන් ක‍්‍රියාත්මක කරමින් සිටී.

අත්දැකීම් බහුල හා උද්‍යෝගීමත් වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප‍්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම තලයේ ප‍්‍රති-රක්ෂණ සමාගම් සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් ආදී සාධකවලින් පන්නරය ලබන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ මූලික ඉලක්කය වන්නේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සමගින් විශිෂ්ටතම සේවාවක් සැලසීම ය. නිර්මාණශීලී ප‍්‍රවේශයන් සමගින් ක‍්‍රමෝපායිකව සිය ව්‍යාපාර කටයුතු ඉදිරියට රැුගෙන යන අතරම ගනුදෙනුකරුවන්ට උපරිම වටිනාකම් ළඟාකර දෙමින් ඔවුන්ගේ සාර්ථකත්වයේ හවුල්කරුවා බවට පත්වීම සඳහා සමාගම කැපවී කටයුතු කරමින් සිටී.