Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුම් ලබයි

මෑතකදී පවත්වන ලද 2016 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුම් ලැබීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ දී මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විවිධ අංශ තුළ විශිෂ්ටත්වය පෙන්නුම් කරන සමාගම් හා ආයතන සඳහා සම්මාන පිරිනැමේ.

කාණ්ඩ සම්මාන යටතේ රක්ෂණ ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයා ලෙස යුනියන් ඇෂුවරන්ස් වෙත සම්මාන හිමිවූ අතර ආයතනික යහපාලනය වෙනුවෙන් ප්‍රථම ස්ථානයද සමාගම විසින් දිනාගන්නා ලදි. එමෙන්ම ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රතිඵල සඳහා දෙවන ස්ථානයද, හැකියාවන් සංවර්ධනය සඳහා කුසලතා සහතිකයක්ද සමාගම වෙත පිරිනැමිණි. ඊට අමතරව මහා පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දෙවැනි ස්ථානයද, සම්මාන උළෙලේ සමස්ත ජයග්‍රාහක කාණ්ඩය යටතේ රිදී සම්මානයක්ද දිනාගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය.

”මේ ආකාරයට දිගින් දිගටම ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලවලදී යුනියන් ඇෂුවරන්ස් සමාගම වෙත සම්මාන හිමිවීම විශාල සතුටක්. යුනියන් ඇෂුවරන්ස් කවදත් ‘විශ්වාසය’ යන ගුණාංගයට මුල්තැන දෙනවා. ඒ වගේම සෑම විටම පාරිභෝගිකයන්ට පහසුව සලසමින්, අපගේ සෑම ව්‍යාපාරික කටයුත්තකදීම විනිවිදභාවය ආරක්ෂා කරගැනීම අපගේ අරමුණයි.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරේ ඩර්ක් පෙරෙයිරා මහතා පැවසී ය.

වසර 25 කට අධික කාලයක් පුරා මෙරට තුළ ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති යුනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමකි. දිවයින පුරා ශාඛා 140 කට අධික සංඛ්‍යාවක් සහ 4,500 කට අධික අලෙවි බලකායක් සහිත යුනියන් ඇෂුවරන්ස් එහි පුරෝගාමී සේවාවන් සහ නොසැලෙන ස්ථාවරත්වය නිසා පාරිභෝගිකයන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වී සිටී.