Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

ජීවිතයේ සාර්ථකත්වයට මග කියාදෙන යුනියන් ඇෂුවරන්ස් ‘සාර්ථකත්වයේ පියවර’ ඇරඹෙයි

සුවහසක් ශ‍්‍රී ලාංකික ජනතාවට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගැනීමට මගපෙන්වීමේ උදාර අරමුණ පෙරදැරිව ‘සාර්ථකත්වයේ පියවර’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ.

සුවහසක් ශ‍්‍රී ලාංකික ජනතාවට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගැනීමට මගපෙන්වීමේ උදාර අරමුණ පෙරදැරිව ‘සාර්ථකත්වයේ පියවර’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන 2016 ඔක්තෝබර් 21 වැනිදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මිනිසුන් ලෙස අප කාටත් ජීවිතයේ විවිධාකාර වූ අවශ්‍යතා තිබේ. මෙම අවශ්‍යතා බොහෝ දුරට සෞඛ්‍යය හා රැකවරණය, අධ්‍යාපනය, ආයෝජනය හා විශ‍්‍රාම ජීවිතය වැනි මූලික කාණ්ඩ යටතේ වර්ග කළ හැකි වේ. ජීවිතයේ සාර්ථකත්වය තීරණය වන්නේ අප කෙතරම් හොඳින් මේ අවශ්‍යතා කළමනාකරණය කරගන්නේද යන සාධකය මත ය. අප කවුරුත් ජීවිතයේ බොහෝ දේවල් ඉගෙනගන්නේ අපට වඩා අත්දැකීම් බහුල කෙනෙකුගේ මගපෙන්වීම යටතේ නිසා මෙම අවශ්‍යතා කළමනාකරණය කරගනිමින් සාර්ථකත්වය වෙත පියවර තැබීමේදී අපට එවැනි කෙනෙකුගේ මගපෙන්වීම ඉතාමත් වැදගත් වෙයි. යුනියන් ඇෂුවරන්ස් යනු එසේ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ රටේ ජනතාව සමග ළඟින්ම සිටින සමාගමකි.

යුනියන් ඇෂුවරන්ස් සිය සේවාවන් සැලසුම් කර ඇත්තේ රටේ ජනතාව පිළිබඳ පුළුල් අවබෝධයකින් යුතුව, එම ජනතාවගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන පරිද්දෙනි. එමෙන්ම කාලයත් සමග වෙනස්වන ජීවන රටාවන්ට ගැළපෙන පරිදි එම සේවාවන් වැඩිදියුණු කිරීමට යුනියන් ඇෂුවරන්ස් කිසිවිටෙකත් පසුබට නොවේ. මේ වනවිට කොයි කාගේත් ජීවිත වෙත සාර්ථකත්වය ළඟා කරදීම සඳහා මහෝපකාරී වන සැලසුම් පෙළක් යුනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දී ඇත. ඒ අනුව අධ්‍යාපන අවශ්‍යතා සඳහා යුනියන් සුපර් ඉන්වෙස්ටර් සැලසුම සහ යුනියන් ලයිෆ් ඇඞ්වාන්ටේජ් යන සැලසුම් දියත් කර ඇති අතර ඵලදායී ආයෝජන අවස්ථා ගැන අවධානය යොමුකරන අය වෙනුවෙන් යුනියන් සුපර් ඉන්වෙස්ටර්, යුනියන් චැලෙන්ජර් සහ සිංගල් ප‍්‍රිමියම් සැලසුම් හඳුන්වා දී තිබේ. සෞඛ්‍ය සහ රැුකවරණය සම්බන්ධ අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුමක් වශයෙන් යුනියන් ස්මාර්ට් හෙල්ත් හඳුන්වා දී ඇත. මීට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාම සුවිශේෂී වූ සෞඛ්‍ය ආවරණයක් ලෙස යුනියන් 60 ප්ලස් ද හඳුන්වා දී තිබේ.

ඔක්තෝබර් 21 වැනිදා සිට දිවයින පුරා සංචාරය කරමින් සමස්ත ශ‍්‍රී ලංකාවාසීන් වෙත සාර්ථකත්වයේ පියවර හඳුන්වා දීමට යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම සූදානමින් සිටී. මෙම කාලසීමාව තුළදී ඔබ වෙත පැමිණෙන යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ උපදේශකවරුන් ජීවිතයේ සාර්ථකත්වය කරා පියවර තබන ආකාරය ගැන ඔබ දැනුවත් කරනු ඇත. මනා පුහුණුවක් සහ නවීන තාක්ෂණයේ පිටුබලය සමගින් ඔබ වෙත එන මෙම උපදේශකවරුන් වෙතින් ඔබට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගැනීම ගැන බොහෝ දේ දැනගැනීමට හැකිවනු නොඅනුමාන ය. මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ඔබත් අදම 0770 501 501 අංකය හෝ 0112 990 990 අංකය අමතන්න.