Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් සමාගම ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය සමග එකඟතාවයක.

නව පාරිභෝගික කාණ්ඩ වෙත රක්ෂණ විසඳුම් සමීප කරවීම සඳහා විවිධ නිර්මාණශීලී වැඩසටහන් දියත් කරන යුනියන් ඇෂුවරන්ස් සමාගම ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය සමග සුවිශේෂී එකඟතාවයක එළඹීමට පසුගියදා කටයුතු කළේ ය

නව පාරිභෝගික කාණ්ඩ වෙත රක්ෂණ විසඳුම් සමීප කරවීම සඳහා විවිධ නිර්මාණශීලී වැඩසටහන් දියත් කරන යුනියන් ඇෂුවරන්ස් සමාගම ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය සමග සුවිශේෂී එකඟතාවයක එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව එම සංගමයේ සාමාජික සාමාජිකාවන් අතර සිය රක්ෂණ විසඳුම් ප‍්‍රචලිත කරවීම සඳහා යුනියන් ඇෂුවරන්ස් විශේෂ වැඩසටහනක් දියත් කර ඇත.

මිනිසුන් වශයෙන් කොයිකාටත් තම ජීවිත තුළ අවශ්‍යතා රැසක් පැනනගී. වර්තමාන ලෝකයේ ජීවන රටාවන්ට අනුව මෙම අවශ්‍යතා අතරින් අධ්‍යාපනය, ආයෝජනය සහ සෞඛ්‍ය හා ආරක්ෂාව යන අවශ්‍යතා සඳහා ප‍්‍රධාන තැනක් හිමිවේ. යුනියන් ඇෂුවරන්ස් සිය සේවාවන් හඳුන්වා දී ඇත්තේ පාරිභෝගිකයන්ට මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මනා අත්වැලක් හිමිවන පරිද්දෙනි. මෙම එකඟතාව යටතේ ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජික සමාජිකාවන්ටද සිය දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, ආයෝජන අවශ්‍යතා මෙම සෞඛ්‍ය හා ආරක්ෂණ අවශ්‍යතා සඳහා ගැළපෙන විසඳුම් රාශියක් යුනියන් ඇෂුවරන්ස් වෙතින් ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. රටේ කැපීපෙනෙන වෘත්තිකයන් පිරිසක් අතර රක්ෂණ සේවාවන් ජනප‍්‍රිය කරවීමේ වැදගත් පියවරක් වන මෙය නව පාරිභෝගික කාණ්ඩ අතර සිය ජනප‍්‍රියත්වය ඉහළ නංවාගැනීම සඳහා යුනියන් ඇෂුවරන්ස් සමාගම ක‍්‍රියාවට නැංවූ සුවිශේෂී වැඩසටහනක් ලෙසද හැඳින්විය හැකි වේ.

ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් තවමත් රක්ෂණ ආවරණ ලබාගෙන ඇත්තේ 12.5% ක් තරම් සුළු ප‍්‍රතිශතයක් පමණි. කෙසේ වුවද වර්තමාන සමාජ තත්ත්වයන් මැද ජීවිත රක්ෂණයක වටිනාකම අන් කවරදාටත් වඩා දැනෙමින් පවතී. මේ බව ශ‍්‍රී ලාංකිකයන්ට අවබෝධ කරවීම සඳහා මෙරට සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයම එක්වී මීට කලකට ඉහතදී විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ අතර යුනියන් ඇෂුවරන්ස් සමාගමද ඒ සඳහා සක‍්‍රීය දායකත්වය ලබා දුන්නේ ය. මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ වෘත්තීය සංවිධාන හා සංගම් සමග එක්වී එම සංගම් හා සංවිධානවල සාමාජික සාමාජිකාවන්ට රක්ෂණ විසඳුම් හඳුන්වා දීමට සමාගම පියවර ගනිමින් සිටී. රටේ කැපී පෙනෙන වෘත්තිකයන් රක්ෂණ ආවරණ ලබාගැනීමට යොමුකරවීම මගින් සෙසු ජනතාවටද ආදර්ශයක් සැපයීම මෙහි අරමුණ වී ඇත.

1974 වසරේදී ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මෙරට ප‍්‍රමුඛතම හා ශක්තිමත්ම වෘත්තීය සංගම් අතරින් එකකි. රටේ නීති ක්ෂේත‍්‍රයේ උන්නතිය හා සුභසාධනය උදෙසා එම සංගමය දශක ගණනාවක් තිස්සේ කේන්ද්‍රීය දායකත්වයක් ලබා දී තිබේ.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ‍්‍රී ලාංකිකයන්ගේ වෙනස්වන ජීවන රටාවන්ට හොඳින්ම ගැළපෙන රක්ෂණ විසඳුම් තිළිණ කරමින් මෙරට ජනප‍්‍රියම රක්ෂණ සමාගම් අතරින් එකක් බවට පත්වීමට යුනියන් ඇෂුවරන්ස් සමත් වී ඇත. මේ වනවිට රටේ ජනතාවට සාර්ථකත්වයේ පියවර වෙත මගපෙන්වීමේ උදාර මෙහෙවරට උරදී සිටින එම සමාගම සමස්ත ශ‍්‍රී ලංකාවාසීන්ට වඩාත් යහපත් හෙට දවසක් උදාකර දීම සඳහා ඇපකැප වී සිටී. මෙම මෙහෙවරේ සාර්ථකත්වය නිසාම එදා මෙදාතුර දේශීය හා විදේශීය සම්මාන රැසකින් පිදුම් ලැබීමටද සමාගම සමත් වී තිබේ.