Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් මනුෂ්‍යත්වය සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාජ මෙහෙවර පෙරටම

සමාජය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමේ තම උදාර මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙනයමින් ‘යුනියන් මනුෂ්‍යත්වය’ වැඩසටහන ඔස්සේ තවත් සුවිශේෂී ප‍්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගිය මාස 6 තුළදී කටයුතු කළේ ය.

ඩෙංගු පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික මට්ටමේ වැඩසටහනක් 2016 අගෝස්තු 6 වැනිදා දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවන ලදි. යුනියන් ඇෂුවරන්ස් ක්ෂේත‍්‍ර කාර්ය මණ්ඩලයේ හා කලාපීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සහයෝගය ඇතිව රටපුරා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ඉලක්කය විය. යුනියන් ඇෂුවරන්ස් ශාඛාවල සිට කිලෝමීටර 1 ත් 2 ත් අතර දුර ප‍්‍රමාණයක් හඳුනාගෙන එම ප‍්‍රදේශය තුළ දැනුවත් කිරීම් සිදුකෙරිණි. මේ සඳහා 4,000 කට අධික පිරිසක් ස්වේච්ඡුාවෙන් එක්වූ අතර, හඳුනාගත් ප‍්‍රදේශ වල ගෙන් ගෙට ගොස් දැනුවත් කිරීම් සිදුකරන ලදි. මේ නිසා එක් දිනක් ඇතුළත දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් 61 ක් පැවැත්වීමට හැකිවූ අතර එම සෑම වැඩසටහනක්ම අතිශයින් සාර්ථක විය.

"ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වසර ගණනාවක පටන් යුනියන් ඇෂුවරන්ස් සමාගම සමග සමීපව කටයුතු කර තිබෙනවා. පෞද්ගලික සමාගමක් වශයෙන් යුනියන් ඇෂුවරන්ස් රටේ ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා ලබාදෙන මේ සහයෝගය අගය කළ යුතුයි." කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසී ය.

තැලසීමියා රෝගය මර්දනය කිරීම සඳහාද යුනියන් ඇෂුවරන්ස් සිය දායකත්වය ලබාදෙමින් සිටී. රුධිරය සම්බන්ධ රෝගී තත්ත්වයක් වන තැලසීමියාව මගින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනයට බාධා පැමිණේ. කෙතරම් බරපතළ රෝගයක් වුවද මෙය මුළුමනින්ම වළක්වාගත හැකි තත්ත්වයකි. ඒ සඳහා හැකි උපරිමයෙන් ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වෙයි. තැලසීමියා රෝගය සම්බන්ධයෙන් 2016 වසරේ ගෙවුනු මාස 6 තුල නව වැඩසටහන් 25 ක් ඔස්සේ 5,319 කට අධික පිරිසක් දැනුවත් කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමත් විය.

"තැලසීමියා රෝගය යනු දැනුවත් වීම මගින් වළක්වා ගැනීමට පුළුවන් රෝගයක්. මේ බව ජනතාවට පෙන්වා දීම සඳහා යුනියන් ඇෂුවරන්ස් වැනි සමාගම් මගින් ලැබෙන දායකත්වය බෙහෙවින් අගය කළ යුතුයි. අතීතයට සාපේක්ෂව වර්තමානයේ තැලසීමියා රෝගයේ පහළ යාමක් වාර්තා වෙනවා. එය ඉතාමත් හොඳ ප‍්‍රවණතාවක්." ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ උපදේශක ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලාම් මහතා පැවසී ය.

මීට අමතරව රටේ බෝ නොවන රෝග අතරින් ජන සෞඛ්‍යයට බෙහෙවින් තර්ජනයක් වී තිබෙන දියවැඩියා රෝගය සම්බන්ධයෙන්ද ජනතාව දැනුවත් කිරීමට යුනියන් ඇෂුවරන්ස් කටයුතු කර තිබේ. මේ යටතේ දියවැඩියා අවදානම තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා විශේෂ සෞඛ්‍ය කඳවුරු 2 ක් සංවිධානය කරන ලදි. එමගින් 178 ක් පමණ පිරිසක් දැනුවත් කිරීමට හැකි වූ අතර , දියවැඩියාව වැළදීමේ අවදානම සහිත 57 ක පිරිසක්ද හඳුනාගන්නා ලදී .

"සමාජය කෙරෙහි වගකීම් ඉටුකිරීමට යුනියන් ඇෂුවරන්ස් කවදත් පෙරමුණ ගන්නවා. රටේ සංවර්ධනයට මෙන්ම සමාජයේ සුභසාධනයට එකසේම දායක වීම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් හරහා දිගින් දිගටම දායකත්වය ලබාදීමට අප කටයුතු කරනවා." යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී, අලෙවි හා බෙදාහැරීම්, දර්ශන අමරසිංහ මහතා පැවසී ය.

යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ සමාගමේ මූලික ලක්ෂණයක් වන්නේ සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් විනිවිදභාවය, ගෞරවණීයත්වය සහ පහසුව යන ගුණාංග සහතික කිරීමයි. වඩාත් සෞඛ්‍ය සම්පන්න හා සුරක්ෂිත සමාජයක් ගොඩනැගීම සඳහා සමාගම දරන උත්සාහයද මෙම ගුණාංගවලට සමගාමී වේ. ඉදිරියටත් මෙසේ නිරෝගී සමාජයක් ගොඩනැගීම සඳහා වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කරමින්, ‘විශ්වාසය’ සම්බන්ධ සිය පොරොන්දුව යළියළිත් ඉටුකිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගනු ඇත.