Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් මහියංගණය සහ වත්තල ශාඛා නව ස්ථානවල විවෘත කෙරේ

සිය මහියංගණය සහ වත්තල ශාඛා නව ස්ථානවල විවෘත කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණින් මෙසේ මෙම ශාඛා නව ස්ථානවල ස්ථාපිත කිරීමට සමාගම කටයුතු කර ඇත. තම සේවාවන් සියල්ල පාරිභෝගිකයන්ට ලබාදෙන පූර්ණ ක්‍රියාකාරී ශාඛා දිවයින පුරා ව්‍යාප්ත කිරීමට යුනියන් ඇෂුවරන්ස් පියවර ගනිමින් සිටී.

මහියංගණය ශාඛාව 2016 අගෝස්තු 23 වනදා අංක 44/D, මියුඟුණගම, මහියංගණය යන ස්ථානයේදී විවෘත කරන ලද අතර වත්තල ප්‍රාදේශීය කාර්යාලය 2016 අගෝස්තු 25 දින අංක 520/2/1, මීගමුව පාර, වත්තල යන ස්ථානයේදී විවෘත කරන ලදි.

“මෙම ශාඛා අලුත් තැනක ස්ථාපිත කරමින් අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීමට ලැබීම අපට විශාල සතුටක්. මේ ප්‍රදේශයේ පවතින ව්‍යාපාරික අවස්ථා නිසා අපට අපගේ සේවාවන් වඩාත් පුළුල් කිරීමේ හැකියාව ලැබුණා. ඉදිරියටත් ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් සපුරාලමින් වේගවත් ඉදිරි ගමනක් යාමට අප බලාපොරොත්තු වෙනවා.” යුනියන් ඇෂුවරන්ස් හි සාමාන්‍යාධිකාරී ( අලෙවි හා බෙදාහැරීම් ) රුක්මන් වීරරත්න මහතා පැවසී ය.

ගනුදෙනුකරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් රැකවරණය සැලසීම සඳහා කැපවී කටයුතු කරන ප්‍රවීණ වෘත්තිකයන් කණ්ඩායමක් යුනියන් ඇෂුවරන්ස් සමාගම සතු වේ. සිය ප්‍රතිඥාව වන ‘විශ්වාසය’ හැමවිටම ප්‍රමුඛත්වයෙහි ලා සලකන යුනියන් ඇෂුවරන්ස් සියලුම පාර්ශව සමග ගනුදෙනු කිරීමේදී විනිවිදභාවය, පහසුව සහ ගෞරවණීයත්වය තහවුරු කිරීමට පසුගිය වසර 28 පුරාම පියවර ගෙන ඇත.