Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

ලංකාදීප සම්මුඛ සාකච්ඡාව - යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී, අලෙවි හා බෙදාහැරීම්, රුක්මන් වීරරත්න මහතා

සමාජයක් විදිහට පොදුවේ සුරක්ෂිත හැඟීමක් එක්ක දියුණුව කරා යන්න ජීවිත රක්ෂණය ඉතාමත් වැදගත්.
යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී, අලෙවි හා බෙදාහැරීම්, රුක්මන් වීරරත්න මහතා

ජීවිතය රක්ෂණය සහ එහි වැදගත්කම ගැන පසුගිය කාලය තුළ තරමක කතාබහක් ඇතිවුණා. රක්ෂණ ක්ෂේත‍්‍රයම එකතු වෙලා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට විශ්ෂ වැඩසටහනකුත් ක‍්‍රියාවට නැංවූවා. ඒ වගේම දැනට ක්ෂේත‍්‍රයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජීවිත රක්ෂණ සමාගම් තෘප්තිමත් බවක් පෙනෙන්නට තිබෙනවා. මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අපි යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී, අලෙවි හා බෙදාහැරීම්, රුක්මන් වීරරත්න මහතා හමුවුණා.

ප‍්‍ර: යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ පසුගිය කාලය තුළ එය අත්කරගෙන තිබෙන ප‍්‍රගතිය ගැන අපට කෙටියෙන් විස්තර කරන්න පුළුවන්ද?
යුනියන් ඇෂුවරන්ස් කියන්නේ රටේ ජනප‍්‍රියම සහ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්. අපට ශ‍්‍රී ලංකාවේ අවුරුදු 27 කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. 2015 වසරේදී නියාමන අවශ්‍යතා මත සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය වෙනම පිහිටුවීමේ අවශ්‍යතාව ඇතිවෙනකල්ම අපි ජනතාවට ජීවිත රක්ෂණ වගේම සාමාන්‍ය රක්ෂණත් පිරිනැමුවා. දැන් අපි සම්පූර්ණ අවධානය යොමුකර තිබෙන්නේ ජනතාවට බොහොම නිර්මාණශීලී හා ප‍්‍රයෝජනවත් ජීවිත රක්ෂණ විසඳුම් ලබාදීම වෙතයි. ඒ වගේම අපි රටේ විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වෙන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයිති සමාගමක්. අපේ ශක්තියට මේකත් එක ප‍්‍රධාන සාධකයක් වෙලා තියනවා.

ප‍්‍ර: සමාගම මේ වනවිට අත්පත් කරගෙන ජයග‍්‍රහණ මොනවද?
2015 වසර කියන්නේ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ඉතිහාසයේ ජයග‍්‍රාහීම වසරක් විදිහට හඳුන්වන්න පුළුවන්. 2015 දෙසැම්බර් 31 දක්වා මාස 12 ක කාලය තුළ සමාගම වාරික ආදායම විදිහට රු. බිලියන 6.9 ක් වාර්තා කරන්නට සමත් වුණා. මේක පසුගිය වසරට සාපේක්ෂව 17% ක වර්ධනයක්. ඒ වගේම සමාගමේ බදුවලට පසු ලාභය රු. මිලියන 1125 ක් විදිහට සටහන් වුණා. 2015 දී අපේ ජීවිත රක්ෂණ අරමුදල සටහන් වුණේ රු. බිලියන 26 ක් විදිහටයි. මේක අපේ ව්‍යාපාරයේ මූල්‍ය ශක්තියට ඉතාමත් හොඳ සාක්ෂියක්. ඒ වගේම 2015 අවුරුද්දේදී අපට සම්මාන රැුසකුත් හිමිවුණා. ආයතනික යහපාලනය, වගකීම්සහගත බව සහ විනිවිදභාවය වගේ ගුණාංග වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (Institute of Chartered Accountants of Sri Lanka - ICASL) සහ ගණකාධිකාරීවරුගේ දකුණු ආසියානු සම්මේලනය (South Asian Federation of Accountants- SAFA) වැනි ආයතන වෙතින් යුනියන් ඇෂුවරන්ස් සමාගමට සම්මාන හිමි වුණා. ඒ වගේම ACCA සම්මාන උළෙලේදී මූල්‍ය සේවා හා රක්ෂණ කාණ්ඩයේ ජයග‍්‍රාහක ලෙසත් යුනියන් ඇෂුවරන්ස් සමාගම නම් කිරීම විශේෂත්වයක්. යුනියන් ඇෂුවරන්ස් මානව සම්පත් කළමනාකරණ ක‍්‍රමවේද Great Place to Work Institute ආයතනයේ පිළිගැනීමට ලක්වුණු අතර ඒවා සඳහා ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනයේ (Institute of Training and Development - SLITD) රන් සම්මානයක්ද හිමි වුණා. ඊට අමතරව සමාගමේ බෙදාහැරීම් කාර්ය මණ්ඩලය වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ විද්‍යුත් ඉගෙනුම් පදනම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් ජාත්‍යන්තර Celent ආයතනයේ ඇගයීමට ලක්වූවා.

ප‍්‍ර: ජීවිත රක්ෂණයක් කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙන්නේ ඇයි?
ජීවිතය කියන්නේ නිතර වෙනස් වෙන දෙයක්. මේ ජීවිතයේදී අපි එක එක යුග ගතකරනවා. මේ යුගවලදී අපේ අවශ්‍යතා වෙනස්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි තරුණ කාලේදී කල්පනා කරන්නේ හොඳ රැුකියාවක් හොයාගෙන, අලූත් ජීවිතයකට මුල පුරලා ජීවිතය සාර්ථක කරගන්න හැටි ගැන. මැදි වයසේදී අපි දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් වෙහෙසෙනවා; ගෙවල් දොරවල් හදනවා; දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරනවා. මෙහෙම වෙනස්වෙන ප‍්‍රමුඛතා අතරේ අපේ ජීවිතයට වැදගත් රැුකවරණයක් අවශ්‍යයි. නොසිතූ අවස්ථාවක මොනයම් හෝ ගැටලූවකට මුහුණ දෙන්න වුණොත්, ජීවිතයේ කිසියම් කාලයක අපි ළඟා කරගන්න හදන ඉලක්ක සියල්ලටම බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. එහෙම වුණොත් මේක ඉදිරි ජීවිත කාලයටත් බලපෑම් ඇතිකරාවි. එහෙම අවස්ථාවකදී රැුකවරණයක් ලබාදෙන්න තමයි ලෝකයේ ජීවිත රක්ෂණය කියන සංකල්පය බිහිවෙලා තියෙන්නේ. අද ලෝකය හරිම වේගවත්. මේ වේගය එක්ක ජීවිතයේ අනපේක්ෂිත බවත් වැඩිවෙනවා. මේ බව ලෝකේ බොහෝ රටවල්වල බොහෝ දෙනෙක් හොඳින් හඳුනාගෙන ඉන්නේ. මේ නිසා ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයත් ලෝකයේ වෙනස්වෙන, පුළුල් වෙන අවශ්‍යතාවන්ට අනුව නිර්මාණශීලී විසඳුම් තිළිණ කරමින් ඉදිරියට යනවා. ශ‍්‍රී ලංකාවේ ජනතාවත් මේ වනවිට ඒ අවශ්‍යතාව වටහාගනිමිනුයි ඉන්නේ. ඒක අපට ලොකු සතුටක්. සමාජයක් විදිහට පොදුවේ සුරක්ෂිත හැඟීමක් එක්ක දියුණුව කරා යන්න ඒක බොහෝ දුරට උපකාරී වේවි.

ප‍්‍ර: මේ අවශ්‍යතාව සපුරාලන්න යුනියන් ඇෂුවරන්ස් හඳුන්වලා දීලා තියන විසඳුම් මොනවගේද?
යුනියන් ඇෂුවරන්ස් සමාගමේ විශේෂත්වය තමයි ජනතාවගේ අවශ්‍යතා ඉතාමත් සමීපව හඳුනාගෙන, ඒ අනුව විසඳුම් නිර්මාණය කිරීම. ඒ අනුව අපි ආයෝජනය, ආරක්ෂාව, විශ‍්‍රාම ජීවිතය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය අවශ්‍යතා කාණ්ඩ 5 හඳුනාගෙන තියනවා. අපේ රක්ෂණ විසඳුම් අපි සැලසුම් කරලා තියෙන්නේ ඒ අනුවයි. ආයෝජනය යටතේ අපි යුනියන් ලයිෆ් ඇඞ්වාන්ටේජ්, යුනියන් සුපර් ඉන්වෙස්ටර්, යුනියන් සිංගල් ප‍්‍රිමියම් ඇඞ්වාන්ටේජ්, යුනියන් ජයමග, යුනියන් ජයමග ප්ලස් සහ යුනියන් සුපර් බෙනිෆිට් කියන විසඳුම් හඳුන්වලා දීමා තියනවා. ආරක්ෂාව යටතේ තියෙන්නේ යුනියන් ලයිෆ් ඇඞ්වාන්ටේජ්, යුනියන් ලෝන් ප්‍රොටෙක්ටර් සහ තවත් අතිරේක ආවරණ කිහිපයක්. යුනියන් චැලෙන්ජර් සහ යුනියන් ලයිෆ් ඇඞ්වාන්ටේජ් මගින් විශ‍්‍රාම ජීවිතය සඳහා කෙනෙකුට සැලසුම් සකස් කරන්න පුළුවන්. යුනියන් ලයිෆ් ඇඞ්වාන්ටේජ් සහ යුනියන් සිසුමග ඔස්සේ අධ්‍යාපනයට අදාළ ප‍්‍රතිලාභ ලබන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම සෞඛ්‍ය කාණ්ඩය යටතේ යුනියන් ලයිෆ් ඇඞ්වාන්ටේජ් සමග තවත් සුවිශේෂී අතිරේක ආවරණ රැුසක් පිරිනමන්නට අප සූදානම්.

ප‍්‍ර: ජනතාව ජීවිත රක්ෂණ ලබාගැනීමේ ප‍්‍රවණතාව තවමත් අඩුයි. ඒ ඇයි?
ඒකට එක ප‍්‍රධාන හේතුවක් තමයි දැනුවත් බව අඩුවීම. සමහර වෙලාවට ජනතාව වෙනස්කම්වලට මුහුණදීමේදී ඒවාට අනුගත වෙන්න ටිකක් කල් යනවා. මේක බොහොම සාමාන්‍ය දෙයක්. නමුත් ආර්ථිකයේ දියුණුවත් එක්ක රටේ ජනතාව රක්ෂණාවරණ ලබාගැනීමේ ප‍්‍රවණතාව ඉහළ යාවි. කොහොම වෙතත් බහුතරයක් ජනතාව රක්ෂණය කියන සංකල්පය දෙස ධනාත්මකව බලන්නට පටන්ගෙන තියන බවක් අපට පෙනී යනවා. අපේ සමාගම දිනෙන් දින අත්කරගනිමින් සිටින දියුණුව දෙස බැලූවහම අපට ඒ ගැන සැකයක් ඇතිවෙන්නේ නැහැ. කොහොම වෙතත් අපි තව බොහෝ දුරක් යා යුතුයි. මේ ගමන දිහා සුභවාදීව බලන්නට පුළුවන් සන්ධිස්ථානයකට අප ඇවිත් ඉන්නවා.

ප‍්‍ර: ජීවිත රක්ෂණ ගැන ජනතාව දැනුවත් කරන්න ක්ෂේත‍්‍රයෙන් ලැබෙන සහයෝගය කොයිවගේද?
ශ‍්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සහ ශ‍්‍රී ලංකා රක්ෂණ සංගමයේ මූලිකත්වයෙන් මෑතකදී රක්ෂණ සමාගම් සියල්ල එක්වී සමස්ත ක්ෂේත‍්‍රයම ආවරණය වෙන ආකාරයට දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කළා. මේ වැඩසටහනේ තේමාව වුණේ ‘ජීවිතය විඳින්න රැුකවරණය ලබන්න’ යන්නයි. ඒ වැඩසටහන අතිශයින් සාර්ථක වූ බව අපි කියන්නේ ආඩම්බරයෙන්. මේ ආකාරයට ජනතාව දැනුවත් කරන්නට සියලූම දෙනා අත්වැල් බැඳගැනීම, ක්ෂේත‍්‍රයේ ආනාගතය සම්බන්ධයෙන් ගත්විට ඉතාමත් සුභ ලකුණක්. මේ ඔස්සේ ආරම්භ වුණු යහපත් ප‍්‍රවණතාව දිගටම පවතීවි කියා මා සිතනවා. යුනියන් ඇෂුවරන්ස් සමාගමත් දිගින් දිගටම ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධාකාරයේ වැඩසටහන් ක‍්‍රියාවට නංවනවා. ඒ නිසා ක්ෂේත‍්‍රයේ අනාගතය බෙහෙවින් සුභදායකයි.

ප‍්‍ර: අවසාන වශයෙන් ඔබ ජනතාවට දෙන පණිවිඩය මොකක්ද?
ජීවිත රක්ෂණය කියන්නේ හුදෙක් රැුකවරණයක් පමණක්ම නොවෙයි. පුළුල් අරුතින් ගත් විට ඇත්තටම එය නැණවත් ආයෝජනයක්. මේ බව ජනතාව වටහාගත යුතුයි. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම කිසියම් ආකාරයක ජීවිත රක්ෂණයක හිමිකරුවෙකු බවට පත්කරන්නට අපි උත්සාහ කරමින් සිටිනවා. මේ වනවිට ජනතාවගෙන් ඒ සඳහා ලැබෙමින් පවතින්නේ විශාල ප‍්‍රතිචාරයක්. ඒ නිසා ඉදිරියේදීත් මෙලෙසම තම ජීවිතය සහ තම ආදරණීයයන්ගේ ජීවිතවල යහපත ගැන නුවණින් කල්පනා කරමින්, ජීවිත රක්ෂණ විසඳුම් දෙස අවධානය යොමුකරන මෙන් මම සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ජීවිතය යනු අවිනිශ්චිත දෙයක් බව ඇත්ත. එහෙත් කල්තබා ඒ අවිනිශ්චිත භාවයත් සමග එන ගැටලූවලට පිළියම් යොදා තිබුණොත් ජීවිතය සිතූ සේම ජයගැනීම දුෂ්කර කාර්යයක් වන්නේ නැහැ.