Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් විශිෂ්ටයන්ට කැනඩාවේ පැවති MDRT වාර්ෂික හමුවට සහභාගී වීමේ අවස්ථාව හිමි වේ

යුනියන් ඇෂුවරන්ස් යනු කවදත් මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයට පූර්වාදර්ශ සපයන සමාගමකි. එම සමාගමේ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සාමාජිකාවන් පිරිසකට මෙවරත් Million Dollar Round Table (MDRT) වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා ආරාධනා ලැබිණි. මෙවර එම හමුව පැවැත්වුණේ කැනඩාවේ වැන්කූවර් නගරයේදී ය.

1927 වසරේදී ආරම්භ කෙරුණු MDRT සංවිධානය, මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන්ගෙන් සමන්විත ලොව ප‍්‍රමුඛතම ස්වාධීන අන්තර්ජාතික සංවිධානයකි. ලොව පුරා රටවල් 67 ක සමාගම් 500 කට වැඩි සංඛ්‍යාවකට අයත් ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා වෘත්තිකයෝ 43,000 කට අධික පිරිසක් එහි සාමාජිකත්වය දරති. අතිවිශිෂ්ට වෘත්තීය දැනුමක් තිබීම, ආචාර ධර්ම දැඩිව ආරක්ෂා කිරීම සහ ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාවක් සැපයීම යනාදිය එම සාමාජිකයන්ගේ කැපී පෙනෙන ලක්ෂණ වේ. ඵෘඍඔ සාමාජිකත්වය ලොව පුරා පිළිගැනෙන්නේ ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය පිළිබිඹු කරන සංකේතයක් ලෙසිනි. MDRT නියෝජනය කිරීම රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ඉහළම මට්ටමේ ජයග‍්‍රහණයක් ලෙස සැලකෙන අතර, පසුගිය කාලය තුළ යුනියන් ඇෂුවරන්ස් සමාගම අත්කරගෙන ඇති ප‍්‍රගතිය දෙස බලන කල මෙවන් ගෞරවයක් එම සමාගම වෙත හිමි වීම පුදුමයක් නොවේ. දිගින් දිගටම දක්ෂතාවලින් පිරිපුන් පිරිස් බඳවා ගනිමින් හැමවිටම පෙරමුණෙහිම පසුවීමට එය කටයුතු කරයි. එමෙන්ම එසේ බඳවාගන්නා පිරිස් වෙත ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙමින් ඔවුන්ට සිය දක්ෂතා උපරිම මට්ටමින් හෙළිපෙහෙළි කරගන්නට වේදිකාවක් සපයා දීමටද යුනියන් ඇෂුවරන්ස් හැමවිටම පියවර ගනී. මෙම වසරේ මෙම ගෞරවය හිමිකරගත් සාමාජික සාමාජිකාවන් වන්නේ වී.ජී.කේ.එස්. ජයසිංහ මහතා (Court of the Table), එච්. ඞී. ජේ. සී. අප්පුහාමි මහතා (Court of the Table සහ යාවජීව සාමාජික*, ඞී. දිනේෂ් මහතා, පී. එස්. එම්. ආර්. ඒ. එල්. යූ. කේ. සේනානායක මහතා, ඒ. ජෙන්සි මෙනෙවිය, ජී.යූ.එස්. සිල්වා මහතා (යාවජීව සාමාජික*, එච්.ඩබ්ලිව්.එන්. සෝමපාල මහත්මිය, ඩබ්ලිව්.කේ.අයි.පී. ප‍්‍රනාන්දු මහතා, කේ. කේතීසන් මහතා, ජේ. එම්. ප‍්‍රනාන්දු මහතා, බී. කේ. ජනිත රෝහණ මහතා, එච්. ජී. එම් ගිම්හාන් මහතා, එස්. සුබ‍්‍රමනියම් මහතා, ඞී. එම්. ඞී. පී. ජයසිංහ මහතා, එම්. ඒ. පී. සිල්වා මහතා, පී. ඩබ්ලිව්. ආර්. ඒ. ඞී. පී. රණතුංග මහතා, එම්. අරසරත්නම් මහතා, ඒ. විජයකුමාර් මහතා, ඩබ්ලිව්. එම්. එච්. සී ප‍්‍රනාන්දු මහතා, එම් මාගලිංගම් මෙනෙවිය, එච්. වී. පී. දර්ශන මහතා, ආර්. එම්. ඒ. එස්. රණතුංග මහතා, ආර්. එම්. එස්. බී. බණ්ඩාර මහතා, අයි. ඩබ්ලිව්. ජී. එස්. කේ. පත්මසිරි මහතා, එස්.එස්. කන්නා මහතා, ඒ. වානජා මෙනෙවිය සහ එන්. සෝබිතා මෙනෙවිය යන අයයි. මෙම සාමාජික සාමාජිකාවන් යුනියන් ඇෂුවරන්ස් හි අනුග‍්‍රාහකත්වය සහිතව MDRT වාර්ෂික හමුව සහ ඊට සම්බන්ධ අනෙකුත් වැඩසටහන්වලට සහභාගී වීම සඳහා 2016 ජූලි මස 12 සිට 15 දක්වා කැනඩාවේ වැන්කූවර් නුවර සංචාරය කළහ. යුනියන් ඇෂුවරන්ස් සමාගම කැපවී සිටින්නේ ශ‍්‍රී ලංකාවේ සහ කලාපයේම පරමාදර්ශී රක්ෂණ සමාගම බවට පත්වීමේ අරමුණ වෙනුවෙනි. අත්දැකීම් බහුල හා උද්යෝගීමත් වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප‍්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම තලයේ ප‍්‍රති-රක්ෂණ සමාගම් සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් ආදී සාධකවලින් එය නිරන්තරයෙන් පන්නරය ලබයි. හැමවිටම ‘විශ්වාසය’ යන පොරොන්දුව පදනම් කරගෙන කටයුතු කරන යුනියන් ඇෂුවරන්ස් පසුගිය වසර 28 පුරාවට විනිවිදභාවය, පහසුව සහ ගෞරවණීයත්වය යන සාධක ඔස්සේ එම පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කර ඇත.