Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

‘විශිෂ්ටත්වයේ මෙහෙයුම’ - 2015 යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල

වසර පුරා යුනියන් ඇෂුවරන්ස් අත්පත් කරගත් සාර්ථකත්වය සහ එම සාර්ථකත්වයට දායක වූ සාමාජික සාමාජිකාවන්ගේ විශිෂ්ටත්වය අගයන යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි

වසර පුරා යුනියන් ඇෂුවරන්ස් අත්පත් කරගත් සාර්ථකත්වය සහ එම සාර්ථකත්වයට දායක වූ සාමාජික සාමාජිකාවන්ගේ විශිෂ්ටත්වය අගයන යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. පසුගිය ජූනි 08 වැනිදා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ‘ ඕක් රූම්’ ශාලාවේදී පැවති මෙම උත්සවයට සමාගමේ සභාපති තුමන්, ප‍්‍රධාන විධායක නිලධාරී තුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය, ඉහළ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය සහ එහි අලෙවි බලකායේ සාමාජික සාමාජිකාවෝ සහභාගී වූහ.

සමාගමකට දීර්ඝකාලීන සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට එම සමාගමේ කාර්ය මණ්ඩලය අඛණ්ඩව ඉහළ දක්ෂතා පෙන්නුම් කිරීම අත්‍යවශ්‍ය ය. යුනියන් ඇෂුවරන්ස් සමාගමට මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ පෙරමුණෙහි පසුවීමට හැකියාව ලැබී ඇත්තේ එසේ අඛණ්ඩව දක්ෂතා පෙන්නුම් කරන විශිෂ්ට කාර්ය මණ්ඩලයක් එහි සේවයේ යෙදී සිටින හෙයිනි. සමාගමේ අපේක්ෂාවන් හා ඉලක්ක යථාර්ථයක් බවට පත්කිරීම මෙම කණ්ඩායමේ මූලික අභිප‍්‍රාය වෙයි. 2015 වසර යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාර්ථකම වසර ලෙස වාර්තා අතරට එක් වී ඇත්තේද වසර පුරා යුනියන් ඇෂුවරන්ස් කණ්ඩායම දැක්වූ ධෛර්යය හා කැපවීම මිස අන් කිසිවක් නොවේ. ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම සාමාජික සාමාජිකාවන් පිරිසක් යුනියන් ඇෂුවරන්ස් සමග අත්වැල් බැඳගෙන සිටීම සමාගමේ අභිවෘද්ධියට අතිවිශාල රුකුලක් වී ඇත. මේ හේතුව නිසාම මෙම වසරේ සම්මාන උළෙල ‘විශිෂ්ටත්වයේ මෙහෙයුම’ ලෙස නම්කර තිබිණි.

සම්මාන උළෙලේදී යුනියන් ඇෂුවරන්ස් හි දක්ෂයන් අතරින් අතිදක්ෂයෝ පිරිසක් සම්මානවලින් පිදුම් ලැබූහ. මෙවර සම්මාන උළෙලේ ‘ශූරයන් අතර ශූරයා’ (Champion of the Champions) සම්මානය දිනාගනු ලැබුවේ චානක අප්පුහාමි මහතා විසිනි. 2008 වසරේ සිට මේ දක්වා චානක අප්පුහාමි මහතා මේ සම්මානය දිනාගත් 7 වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

”අපගේ කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් සහ සියලූම පාර්ශ්වකරුවන් සමග අත්වැල් බැඳගෙන දියුණුව කරා යමින්, ශ‍්‍රී ලංකාවේ සහ කලාපයේම ආදර්ශමත් රක්ෂණ සමාගම බවට පත්වීම අපේ ඉලක්කයයි. මේ ගමනේදී අපගේ සාමාජික සාමාජිකාවන් පෙන්නුම් කරන මේ විශිෂ්ටත්වය අපට ආඩම්බරයක්. ඒ වෙනුවෙන් මෙසේ සම්මානයෙන් පිදුම් ලැබීම ගැන මා ඔවුන්ට උණුසුම් සුභපැතුම් පිරිනමනවා. ඒ වගේම සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් දැක්වූ දායකත්වයට මගේ කෘතඥතාව මෙසේ පළකර සිටිනවා.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී - අලෙවි හා බෙදාහැරීම්, රුක්මන් වීරරත්න මහතා පැවසී ය.

මිත‍්‍රත්වය, විනෝදය හා එකමුතු බව කැටිකොටගත් මෙම සම්මාන උළෙල රසගැන්වීම සඳහා කලාකරුවෝ රැුසක්ද සහභාගී වූහ.