Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් ප‍්‍රධාන ව්‍යාපාර අංගවල අඛණ්ඩ ප‍්‍රගතියක්

පසුගිය කාලය තුළ තමන් වාර්තා කළ ප‍්‍රගතිය තවදුරටත් පවත්වාගනිමින් මුළු වාරික ආදායමේ 23% ක වර්ධනයක් වාර්තා කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී ඇත.

පසුගිය කාලය තුළ තමන් වාර්තා කළ ප‍්‍රගතිය තවදුරටත් පවත්වාගනිමින් මුළු වාරික ආදායමේ 23% ක වර්ධනයක් වාර්තා කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී ඇත. සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයේ 78% ක කොටස් අලෙවි කිරීම නිසා 2015 දී රු. බිලියන 1.4 ක් වූ ලාභය මෙවර වාර්තා වන්නේ රු. මිලියන 61 ක් වශයෙනි. ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ අතිරික්තය කාර්තුවේ ලාභයට එක්කර නොමැති අතර එය වසර අවසානයේදී ආයුගණකව තක්සේරු කෙරෙනු ඇත. 2015 මාර්තු 31 දින වනවිට යහපත් නුබුන් වත්කම් අනුපාතයක්ද සමගින් යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 27 ක් ලෙස වාර්තා විය. මෙය ව්‍යාපාරයේ මූල්‍ය ශක්තියට හොඳ සාක්ෂියකි.

රක්ෂණ හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් රෝහල්ගත කිරීමේ වියදම් සහ වෙනත් සෞඛ්‍ය වියදම් ප‍්‍රතිපූරණය කිරීම සඳහා ‘යුනියන් සමාර්ට් හෙල්ත්’ නමින් සැලැස්මක් හඳුන්වා දීමට යුනියන් ඇෂුවරන්ස් මෑතකදී කටයුතු කරන ලදිග

‘නැවත අලූත් කිරීමේ ප‍්‍රතිලාභය’ (Revive benefit) ඇතුළුව සුවිශේෂී අංග රැුසක් මෙම විසඳුමට ඇතුළත් වී ඇත. මෙමගින් ඉල්ලූම් කළ හැකි හිමිකම් මුදල් ප‍්‍රමාණය සැලසුම් හිමියන් විසින් සම්පූර්ණයෙන්ම ලබාගෙන ඇති අවස්ථාවලදී පවා, රෝහල්ගත කිරීමට සිදුවන්නේ පෙර රෝහල්ගත වීමට සිදුවූ රෝග තත්ත්වයක් නිසා නොවේ නම්, හිමිකම් සඳහා නැවත ඉල්ලූම් කිරීමේ අවස්ථාවක් උදා වේ.

හිමිකම් මුදල් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති නම් උපරිම වාර්ෂික ප‍්‍රතිලාභ සීමාව 25% කින් ඉහළ යාම (No claim bonus) මෙහි තවත් විශේෂත්වයකි. එමෙන්ම මෙම සැලසුම යටතේ ඉන්දියාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවලදී කරනු ලබන ප‍්‍රතිකාරද ආවරණය කර ගත හැකග

අත්දැකීම් බහුල හා උද්‍යෝගීමත් වෘත්තිකයන් පිරිසක්, ශක්තිමත් ප‍්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම ශ්‍රේණියේ ප‍්‍රතිරක්ෂක සමාගම් සමග ඇතිකරගත් ප‍්‍රතිරක්ෂණ හවුල්කාරීත්වයන් ආදී සාධක මගින් පන්නරය ලබන යුනියන් ඇෂුවරන්ස් සිය පදනම ලෙස සලකනුයේ ‘විශ්වාසය’ යන ප‍්‍රතිඥාවයි. ඒ අනුව සියලූම පාර්ශ්ව සමග ගනුදෙනු කිරීමේදී හැමවිටම විනිවිදභාවය, පහසුව සහ ගෞරවනීයත්වය යනාදී සාධක ඔස්සේ එම පොරොන්දුව ආරක්ෂා කිරීමට යුනියන් ඇෂුවරන්ස් ඇප කැපවී කටයුතු කරයි.