Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

මේ වසරේත් විශිෂ්ටතම යුනියන් ඇෂුවරන්ස් සාමාජිකයන්ට වාර්ෂික විදේශ සංචාරය සඳහා අවස්ථාව

සිය ගනුදෙනුකරුවන්ට සෑමවිටම ඉහළම තලයේ සේවාවක් සැපයීම සඳහා යුනියන් ඇෂුවරන්ස් සමාගම කවදත් කැපවී කටයුතු කරයි. මෙබඳු විශිෂ්ට සේවාවක් සැපයීමට සමාගමට හැකිවී ඇත්තේ දක්ෂතා සපිරි, හොඳින් පුහුණුවලත් හා ඛෙහෙවින් උද්යෝගීමත් කණ්ඩායමක් එහි සේවයේ නියුතුව සිටින නිසා ය.

සිය ගනුදෙනුකරුවන්ට සෑමවිටම ඉහළම තලයේ සේවාවක් සැපයීම සඳහා යුනියන් ඇෂුවරන්ස් සමාගම කවදත් කැපවී කටයුතු කරයි. මෙබඳු විශිෂ්ට සේවාවක් සැපයීමට සමාගමට හැකිවී ඇත්තේ දක්ෂතා සපිරි, හොඳින් පුහුණුවලත් හා ඛෙහෙවින් උද්යෝගීමත් කණ්ඩායමක් එහි සේවයේ නියුතුව සිටින නිසා ය. මෙම කණ්ඩායමේ සෑම සාමාජිකයෙක් හා සාමාජිකාවක්ම ක්ෂේත්රයේ කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් අය වෙති.

මෙම විශිෂ්ටයන් අතරින් වඩාත්ම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන පිරිස ඇගයීම සඳහා වරින්වර විදේශ සංචාර පිරිනැමීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කරයි. ඒ අනුව 2015 වසරේදීත් එසේ කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සාමාජිකාවන් 98 දෙනෙකු කණ්ඩායම් 3 කට වෙන්කර ඇති අතර ඔවුන්ට මැලේසියාව, ඩුබායි හෝ ප්‍රංශය යන රටවල් අතරින් එකකට සංචාරය කිරීමට අවස්ථාව හිමි වේ. මෙම සෑම කණ්ඩායමකටම එම රටවල්වල සුවිශේෂී ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම් සහිත, සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන සියැසින් දැකබලාගැනීම සහ එකිනෙකට වෙනස් සංස්කෘතීන් වටහාගැනීම සඳහා ජීවිතයේ කිසිදිනක අමතක නොවන අවස්ථාවක් උදාවනු ඇත.

යුනියන් ඇෂුවරන්ස් මෙම විදේශ සංචාර සැලසුම් කරන්නේ විශිෂ්ටයන් ඇගයීම සඳහා පමණක් නොව, සමස්තයක් ලෙස සමාගමේ ශක්තිමත්භාවය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක්ද ලෙසිනි. මෙසේ සාමාජික සාමාජිකාවන්ට විදේශ අත්දැකීම් ලබාදීම ඔස්සේ සමාගමේ ක්‍රියාකාරීත්වයද ජාත්යන්තර තලයට සමගාමීව උසස් තත්ත්වයකට ගෙන ඒමේ හැකියාව ලැබේ.

විශිෂ්ට රැකියා වටාපිටාවක් සහිත ස්ථානයක් වීම නිසා ‘Great Place to Work’ ඇගයීමෙන් පිදුම් ලබා ඇති යුනියන් ඇෂුවරන්ස් සමාගම හැමවිටම සිය සාමාජික සාමාජිකයන්ට දැනුම පුළුල් කරගැනීමේ අවස්ථා හිමිකර දෙයි. අත්දැකීම් බහුල හා උද්යෝගීමත් වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම තලයේ ප්‍රති-රක්ෂණ සමාගම් සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් ආදී සාධකවලින් පන්නරය ලබන එහි මූලික ඉලක්කය වන්නේ මෙරට වඩාත්ම ජනප්‍රිය රක්ෂණ සේවා සම්පාදකයා බවට පත්වීම ය. හැමවිටම ‘විශ්වාසය’ යන පොරොන්දුව පදනම් කරගෙන කටයුතු කරන යුනියන් ඇෂුවරන්ස් විනිවිදභාවය, පහසුව සහ ගෞරවනීයත්වය යන සාධක ඔස්සේ එම පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කරයි.