Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් අපේක්ෂිත මට්ටමටත් වඩා ඉහළ ලාභාංශ ප්‍රතිශතයක් ප්‍රකාශයට පත්කරයි.

යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය 'යූනියන් ලයිෆ් ඇඩ්වාන්ටේජ්' සැලසුම වෙනුවෙන් 2015 වසර සඳහා 9.5% ක ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත්කිරීමට පසුගියදා පියවර ගත්තේ ය.

යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය 'යූනියන් ලයිෆ් ඇඩ්වාන්ටේජ්' සැලසුම වෙනුවෙන් 2015 වසර සඳහා 9.5% ක ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත්කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. මෙය වෙළඳපොළේ 2015 වසර සඳහා සාමාන්‍ය පොලි අනුපාතය වූ 5.99% ට මෙන්ම වසර ආරම්භයේදී 'යූනියන් ලයිෆ් ඇඩ්වාන්ටේජ්' සඳහා ප්‍රකාශයට පත්කළ සහතික කල ලාභාංශ අනුපාතය වන 8% ටද වඩා සැලකිය යුතු වැඩි වීමකි. තම පාරිභෝගිකයන් වෙනුවෙන් පොරොන්දු වූවාටත් වඩා වැඩි ප්‍රතිලාභ ලබාදීමට යුනියන් ඇෂුවරන්ස් නිරන්තරයෙන් උත්සාහ කරන අතර මෙසේ යළිත් වරක් ඉහළ ලාභාංශ දීමනාවක් ප්‍රකාශයට පත්කිරීම ද එහි තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක.

එමෙන්ම මේ ආකාරයට පොරොන්දු වූ අනුපාතයට වඩා ඉහළ ලාභාංශ අනුපාතයක් ලබාදීමට යුනියන් ඇෂුවරන්ස් සමත්වන්නේ අඛණ්ඩව තුන්වැනි වරට වීම තවත් විශේෂත්වයකි.

මෙම ලාභාංශ අනුපාතය, සමාගමේ ලාභාංශ පදනම් කරගත් සැලසුම් වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජීවිත රක්ෂණ අරමුදලේ ආයෝජන ඉපයුම් පදනම් කරගෙන තීරණය වේ. ලාභාංශ පදනම් කරගත් සෑම සැලසුමක් සඳහාම ආයෝජන ගිණුමක් විවෘත කෙරෙන අතර අදාළ ලාභාංශ එම ගිණුම්වලට මාසික වැල් පොලි පදනමක් යටතේ බැර කෙරේ.

2015 දෙසැම්බර් 31 දින වනවිට සක්‍රියව පැවතුණු යුනියන් ඇෂුවරන්ස් ලාභ සහිත රක්ෂණ සැලසුම් වෙනුවෙන් 2015 වසර සඳහා වාර්ෂික ප්‍රසාද දීමනාවක් (Bonus) හිමිවන අතර එය ඔවුන්ගේ සැලසුමට එකතු කරනු ඇත. සමාගමේ ආදායම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර 2015 වසර සඳහා එහි සමස්ත වාරික ආදායම රු. බිලියන 6.9 දක්වා ඉහළ යාම නිසා මෙසේ පාරිභෝගිකයන් වෙත ඉහළ ප්‍රතිලාභ ගෙවීමට සමාගමට හැකියාව ලැබී තිබේ.

"2015 වසර පුරා යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව වර්ධනය වුණා. මේ ඔස්සේ 2014 වසරටත් වඩා සැලකිය යුතු ලෙසින් ශක්තිමත් වීමට සමාගමට හැකියාව ලැබී තිඛෙනවා. 2016 වසරත් අපට ඛෙහෙවින් සාර්ථක වසරක් වනු ඇති බවට සැකයක් නැහැ. අපගේ අධිෂ්ඨානය හා කැපවීම වගේම පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය නිසා අප මේ වසරේදී දැනටමත් විශාල ප්‍රගතියක් අත්පත් කරගනිමින් සිටීම සතුටට කරුණක්." යුනියන් ඇෂුවරන්ස් හි සාමාන්‍යාධිකාරීනී, ජීවිත රක්ෂණ මෙහෙයුම්, ඉරෝෂිනී තිත්තගල්ල මහත්මිය පැවසුවා ය.

යුනියන් ඇෂුවරන්ස් මෙහෙයුම් ක්‍රියාත්මක කරනුයේ සිය සන්නාම පොරොන්දුව වන 'විශ්වාසය' සහ තම සන්නාම වටිනාකම් වන උපරිම පහසුව, ගෞරවනීයත්වය සහ විනිවිදභාවය පදනම් කරගනිමිනි. ආයතනයේ මානව සම්පත හා ක්‍රියාවලීන් අතර නිවැරදි සම්බන්ධතාව සහතික කරන ක්‍රමෝපායන් හරියාකාරව භාවිතා කිරීම ඔස්සේ තිරසාරත්වය ළඟාකරගැනීමටත්, පවත්වාගැනීමටත් හැකි බව යුනියන් ඇෂුවරන්ස් හි විශ්වාසය වේ. පසුගිය වසර කිහිපය තුළ දී පාරිභෝගිකයන්ට මූලික අවධානය ලබාදෙමින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, සමාගම දිගින් දිගටමට අත්කරගත් සාර්ථකත්වයට පසුබිම් වූ මූලික හේතුව ලෙස සැලකිය හැක. එමෙන්ම 2015 වසරේ වාර්තා කරගැනීමට සමත්වූ විශිෂ්ට මූල්ය ප්‍රතිඵල සමගින් 'මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ විශ්වාසනීය රක්ෂණ විසඳුම් සපයන්නා' ලෙසට යුනියන් ඇෂුවරන්ස් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු වී තිබේ.