Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

යුනියන් ඇෂුවරන්ස් 2015 වසරේදීත් ස්ථාවර ප‍්‍රගතියක් වාර්තා කරයි

රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ වෙනම සමාගමක් ලෙස ක‍්‍රියාත්මක වීම ආරම්භ කළ ප‍්‍රථම වර්ෂයේදී සමස්ත වාරික ආදායම හා ලාභය අතින් පැහැදිලි, ස්ථාවර ප‍්‍රගතියක් පෙන්නුම් කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී තිබේ.

රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ වෙනම සමාගමක් ලෙස ක‍්‍රියාත්මක වීම ආරම්භ කළ ප‍්‍රථම වර්ෂයේදී සමස්ත වාරික ආදායම හා ලාභය අතින් පැහැදිලි, ස්ථාවර ප‍්‍රගතියක් පෙන්නුම් කිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී තිබේ. 2015 දෙසැම්බර් 31 දක්වා මාස 12 ක කාලය තුළ සමාගම වාර්තා කර ඇති මුළු වාරික ආදායම රු. බිලියන 6.9 ක් වන අතර, පසුගිය වසරේ මෙම කාලපරිච්චේදය තුළ එය වාර්තා වූයේ රු. බිලියන 5.9 ක් ලෙසිනි. ඒ අනුව එය 17% ක වර්ධනයකි. ජීවිත රක්ෂණ නොවන සමාගමේ 78% ක කොටස් හිමිකාරීත්වට ෆෙයාෆැක්ස් ඒෂියා සමාගම වෙත අලෙවි කිරීමෙන් ලද ආදායමද ඇතුළත්ව බදුවලට පසු ලාභය රු. බිලියන 2.3 ක් විය. එම ව්‍යාපාරය අලෙවි කිරීමේ අදායම හැරුණු විට ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ බදුවලට පසු ලාභය රු. මිලියන 1,125 ක් වූ අතර එය 2014 වසරේ වාර්තා වූයේ රු. මිලියන 881 ක් වශයෙනි. 2015 දෙසැම්බර් 31 දින වනවිට යහපත් නුබුන් වත්කම් අනුපාතයක්ද සමගින් යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 26 ක් ලෙස වාර්තා විය. මෙය ව්‍යාපාරයේ මූල්‍ය ශක්තියට හොඳ සාක්ෂියකි. 2015 වර්ෂය යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ඉතිහාසයේ සාර්ථකම ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ වර්ෂ අතරින් එකක් ලෙස පෙන්වා දිය හැක. මූල්‍යමය අතින් පැහැදිලි සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතරම සම්මාන හා ඇගයීම් රැුසකින් පිදුම් ලැබීමටද සමාගමට හැකියාව ලැබිණි. ආයතනික යහපාලනය, වගකීම්සහගත බව සහ විනිවිදභාවය යනාදී ගුණාංග වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (Institute of Chartered Accountants of Sri Lanka - ICASL) සහ ගණකාධිකාරීවරුගේ දකුණු ආසියානු සම්මේලනය (South Asian Federation of Accountants- SAFA) වැනි ආයතන වෙතින් මෙසේ යුනියන් ඇෂුවරන්ස් වෙත සම්මාන හිමි විය. මෑතකදී පැවති ACCA සම්මාන උළෙලේදී මූල්‍ය සේවා හා රක්ෂණ කාණ්ඩයේ ජයග‍්‍රාහක ලෙස නම් කෙරුණේද යුනියන් ඇෂුවරන්ස් සමාගමයි. එමෙන්ම යුනියන් ඇෂුවරන්ස් හි මානව සම්පත් කළමනාකරණ පරිචයන් Great Place to Work Institute ආයතනයේ පිළිගැනීමට ලක්වූ අතර එම කළමනාකරණ පරිචයන් සඳහා ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනයේ (Institute of Training and Development - SLITD) රන් සම්මානයක්ද හිමි විය. ඊට අමතරව සමාගමේ බෙදාහැරීම් කාර්ය මණ්ඩලයේ තිරසාර සංවර්ධනයට අවශ්‍ය පුහුණුව ලබාදෙනු පිණිස සමස්ත සමාගම ආවරණය කරමින් ක‍්‍රියාත්මක කරන ලද විද්‍යුත් ඉගෙනුම් පදනම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් වෙත Celent ආයතනයේ ඇගයීම හිමිවීමද විශේෂත්වයකි. අත්දැකීම් බහුල හා උද්‍යෝගීමත් වෘත්තිකයන් පිරිසක්, ශක්තිමත් ප‍්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම ශ්‍රේණියේ ප‍්‍රතිරක්ෂක සමාගම් සමග ඇතිකරගත් ප‍්‍රතිරක්ෂණ හවුල්කාරීත්වයන් ආදී සාධක මගින් පන්නරය ලබන යුනියන් ඇෂුවරන්ස් සිය පදනම ලෙස සලකනුයේ ‘විශ්වාසය’ යන ප‍්‍රතිඥාවයි. ඒ අනුව සියලූම පාර්ශ්ව සමග ගනුදෙනු කිරීමේදී හැමවිටම විනිවිදභාවය, පහසුව සහ ගෞරවය යනාදී සාධක ඔස්සේ එම පොරොන්දුව ආරක්ෂා කිරීමට යුනියන් ඇෂුවරන්ස් ඇපකැපවී කටයුතු කරයි.