Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

පුවත්

MDRT Experience & Global Conference සම්මන්ත‍්‍රණයට යුනියන් ඇෂුවරන්ස් නියෝජිතයෝ 83 දෙනෙක්

යුනියන් ඇෂුවරන්ස් යනු කවදත් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට ආදර්ශ සැපයූ නිර්මාණශීලී සමාගමකි. මෙම නිර්මාණශීලීත්වයේ සාර්ථකත්වය නැවත වරක් තහවුරු කරමින්, පසුගිය ජනවාරි 28 සිට 30 දක්වා හොංකොං හි පැවති Million Dollar Round Table (MDRT) Experience and Global Conference වැඩසටහනට 83 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී කරවීමට සමාගමට හැකියාව ලැබිණි.

යුනියන් ඇෂුවරන්ස් යනු කවදත් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට ආදර්ශ සැපයූ නිර්මාණශීලී සමාගමකි. මෙම නිර්මාණශීලීත්වයේ සාර්ථකත්වය නැවත වරක් තහවුරු කරමින්, පසුගිය ජනවාරි 28 සිට 30 දක්වා හොංකොං හි පැවති Million Dollar Round Table (MDRT) Experience and Global Conference වැඩසටහනට 83 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී කරවීමට සමාගමට හැකියාව ලැබිණි. යුනියන් ඇෂුවරන්ස් පුද්ගලික මූල්‍ය උපදේශකවරුන් සහ විකුණුම් කළමනාකරණ කණ්ඩායමේ නියෝජිතයන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම, ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වූ විශාලතම කණ්ඩායම විය. යුනියන් ඇෂුවරන්ස් විසින් මේ ආකාරයට MDRT Experieince සම්මන්ත‍්‍රණය සඳහා අඛණ්ඩව විශාලතම පිරිසක් සහභාගී කරවූ තුන්වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. 1927 වසරේදී ආරම්භ කෙරුණු Million Dollar Round Table (MDRT) සංවිධානය, මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන්ගෙන් සමන්විත ලොව ප‍්‍රමුඛතම ස්වාධීන අන්තර්ජාතික සංවිධානයකි. ලොව පුරා රටවල් 71 ක සමාගම් 470 කට වැඩි සංඛ්‍යාවකට අයත් ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා වෘත්තිකයෝ 42,000 කට අධික පිරිසක් එහි සාමාජිකත්වය දරති. අතිවිශිෂ්ට වෘත්තීය දැනුම, ආචාර ධර්ම දැඩිව ආරක්ෂා කිරීම සහ ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාවක් සැපයීම යනාදිය එම සාමාජිකයන්ගේ කැපීපෙනෙන ලක්ෂණ වේ. ඵෘඍඔ සාමාජිකත්වය ලොව පුරා පිළිගැනෙන්නේ ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය පිළිබිඹු කරන සංකේතයක් ලෙසිනි. ”යුනියන් ඇෂුවරන්ස් හි පුද්ගලික මූල්‍ය උපදේශකවරුන් මෙරට පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා මූල්‍ය ආරක්ෂණ විසඳුම් පිරිනමන්නන් අතරින් ඉහළම සුදුසුකම් සපිරූ වෘත්තිකයන් ලෙස ප‍්‍රසිද්ධියක් උසුලනවා. ඔවුන්ගේ වෘත්තීය හැකියාවන් තවදුරටත් දියුණු කිරීමත් වේගයෙන් පුළුල් වන අපගේ පාරිභෝගික පදනමට සේවා සැලසීම සඳහා ලෝක මට්ටමේ රක්ෂණ වෘත්තිකයන් බිහිකිරීමත් ඉලක්ක කරගෙන දිගින් දිගටම පුහුණු සහ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීම අපේ අරමුණයි. කණ්ඩායමේ උනන්දුව ඉහළ මට්ටමක පවත්වාගැනීම ස`දහා ඔවුන් නිසි ඇගයීම්වලට ලක්කිරීමටත් ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් හැමවිටම දායක වීමටත් අප කටයුතු කරනවා. පුද්ගල සංවර්ධනය සඳහා අප දක්වන අඛණ්ඩ කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (Sri Lanka Institute of Training and Development -SLITAD) මගින් සංවිධානය කරන ලද 2015 පුද්ගල සංවර්ධන සම්මානය උළෙලේදී අඛණ්ඩව 3 වැනි වරටත් රන් සම්මානයකින් පිදුම් ලැබීමට අපට හැකියාව ලැබුණා.” යුනියන් ඇෂුවරන්ස් හි සාමාන්‍යාධිකාරී- අලෙවි හා බෙදාහැරීම් රුක්මන් වීරරත්න මහතා පැවසී ය. මෙම සම්මන්ත‍්‍රණයට සහභාගී වීමට සුදුසුකම් ලැබූ පෞද්ගලික මූල්‍ය උපදේශකවරු සිය පාරිභෝගිකයන් වෙත ඉහළම මට්ටමේ සේවාවක් ලබාදුන් සහ සෑමවිටම උසස් ආචාර ධර්ම ප‍්‍රදර්ශනය කළ අය වෙති. එමෙන්ම ඔවුන් රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත් එය අඛණ්ඩව සාර්ථකත්වය කරා ගෙනයාමටත් විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත. MDRT Experience සම්මන්ත‍්‍රණය යනු නව අදහස් හා ආභාසයන් ලැබීමට කදිම තෝතැන්නකි. එය ලෝකයේ විවිධ රටවල පුද්ගලික මූල්‍ය උපදේශකවරුන් හට එකිනෙකා හමුවීමටත්, ලෝකයේ හොඳම කථිකයන් එකම වේදිකාවක දැකගැනීමටත්, ක්ෂේත‍්‍රයේ හොඳම දැනුම බෙදාගැනීමේ සැසිවලට සහභාගී වීමටත්, නැවුම් සහ සුවිශේෂී ක‍්‍රමෝපායන්, නිෂ්පාදන සහ සේවා පිළිබඳව ඉගෙනගැනීමටත් මෙන්ම සමාජයීය ඉසව් රැුසක් එකම හමුවක් තුළ අත්විඳීමටත් ලැබෙන මහඟු අවස්ථාවක් වේ. එමෙන්ම එය සුදුසුකම් සපිරූ අයට තවදුරටත් තම තාක්ෂණික, අලෙවි සහ පාරිභෝගික සේවා දැනුම දියුණු කරගන්නා අතරම වඩාත් ඉහළ සාර්ථකත්වයක් කරා පියනැගීමට අවශ්‍ය උසස් ආචාරධර්ම සහිත වෘත්තීය සංස්කෘතියක් පවත්වාගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීමටත් මනා වේදිකාවක් සපයා දෙයි. අඛණ්ඩව වසර 28 ක් පුරා සාර්ථකව මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන යුනියන් ඇෂුවරන්ස් සමාගම පන්නරය ලබන්නේ අත්දැකීම් බහුල ජවසම්පන්න වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප‍්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම ශ්‍රේණියේ ප‍්‍රතිරක්ෂකයන් (Reinsurers) සමග ඇතිකරගනු ලබන ප‍්‍රතිරක්ෂණ ගිවිසුම් යනාදී සාධක මගිනි. ‘යුනියන් ඇෂුවරන්ස්’ නාමය ‘විශ්වාසය’ යන පොරොන්දුව මූලික කරගෙන පවතින අතර පසුගිය වසර 28 පුරාම සියලූම පාර්ශ්ව සමග ගනුදෙනු කිරීමේදී විනිවිදභාවය, පහසුව හා ගෞරවණීයත්වය ඔස්සේ එම පොරොන්දුව රැුකීමට සමාගම කටයුතු කර තිබේ.