Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

විස්තර විධායක කමිටුව

විධායක කමිටුව

memeber image

ඩර්ක් පෙරෙයිරා

අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී

ඩර්ක් පෙරෙයිරා මහතා 2010 වසරේ සිට යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර ඇති අතර 2014 මැයි මාසයේ සිට සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරයි. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ(CIMA) සාමාජිකයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (ICASL) සාමාජිකයෙකුද වේ. එමෙන්ම ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) ද ලබා ඇත.

memeber image

දර්ශන අමරසිංහ

සාමාන්‍යාධිකාරී - අලෙවි හා බෙදාහැරීම්

දර්ශන අමරසිංහ මහතා යුනියන් ඇෂුවරන්ස් සමාගම සමග එක්වූයේ 2005වසරේදී ය. රක්ෂණ ක්ෂේත්‍රයේ (දේශීය හා විදේශීය මට්ටමින්) විකුණුම්,අලෙවි සහ මානව සම්පත් අංශවල මෙන්ම ඖෂධ සහ පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රවල වසර 20 කට වැඩි අත්දැකීම් ඔහු සතු වේ.

එක්සත් රාජධානියේ අලෙවිකරණය පිළිබඳ සහතික (CIM) හිමි වරලත් අලෙවිකරුවෙකු වන ඒ මහතා අලෙවිකරණය සම්බන්ධ පශ්චාත් උපාධියක්ද හිමිකරගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ IPM ආයතනයෙන් පුහුණුව හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇති ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය යන ආයතනවලද සාමාජිකයෙකුද වේ.

memeber image

ඉරෝෂිනී තිත්තගල

සාමාන්‍යාධිකාරී, ජීවිත රක්ෂණ

ඉරෝෂිනී තිත්තගල, මහත්මිය යුනියන් ඇෂුවරන්ස් හා එක්වූයේ 2001 වසරේදී පාසල් අධ්‍යාපනය නිමා කිරීමත් සමගිනි. 2005 වසරේදී සමාගමින් ඉවත් වී වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානිය බලා ගිය ඇය එහිදී ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ගෞරව උපාධියක් හිමිකරගත්තා ය. ඉන් අනතුරුව 2008 වසරේදී යළි යුනියන් ඇෂුවරන්ස් සමග එක්වූ ඇය විවිධ තනතුරු හොබවා 2016 වසර වනවිට සාමාන්‍යාධිකාරී, ජීවිත රක්ෂණ තනතුරට පත්වූවා ය. වරලත් රක්ෂක සහතික ලබා ඇති තිත්තගල, මහත්මිය එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ සහය සාමාජිකාවකි.

memeber image

නිමේෂා ලියනගේ

සාමාන්‍යාධීකරී - ආයුගණක

2006 වසරේ ප්‍රථම වරට බාහිර Prophet Developer නිලධාරිනියක ලෙස යුනියන් ඇෂුවරන්ස් සමග සම්බන්ධ වූ නිමේෂා ලියනගේ මහත්මිය 2008 වසරේදී යුනියන් ඇෂුවරන්ස් ආයුගණක කණ්ඩායම සමග එක්වූවා ය. එතැන් සිට වසර 7 ක කාලයක් පුරා යුනියන් ඇෂුවරන්ස් සමාගමේ විවිධ තනතුරු දැරූ ඇය ඉන් අනතුරුව 2013 වසරේදී වෙනත් සමාගමක් හා සම්බන්ධ වූවා ය. 2016 වසරේදී ඇය නැවත වරක් යුනියන් ඇෂුවරන්ස් හා සම්බන්ධ වූයේ සාමාන්‍යාධීකරී - ආයුගණක ලෙසිනි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුල්‍ය, ව්‍යාපාර සහ ගණනාත්මක ගණිතය සම්බන්ධයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමි නිමේෂා ලියනගේ මහත්මිය ඇමරිකා එක්සත් ජනපදයේ ආයුගණකවරුන්ගේ සංගමයේ අධි සාමාජිකාවකද වේ.

memeber image

සුරේෂ් මුත්තයියා

සාමාන්‍යාධිකාරී, මානව සම්පත්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පාරිභෝගික වෙළඳ අංශයේ උප සභාපති (මානව සම්පත්) ලෙස වසර 5 ක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සුරේෂ් මුත්තයියා මහතා 2016 මැයි මාසයේදී යුනියන් ඇෂුවරන්ස් සමාගම හා එක්විය. ඊට පෙර ඒ මහතා ඩයලොග් ආසිආටා සමාගමේ කාර්ය සාධන කළමනාකරණ සහ මානව සම්පත් ක්‍රමෝපාය මෙහෙයුම් කළමනාකරු ලෙස වසර 4 ක කාලයක්ද, කාසන්ස් කම්බර්බැච් සමූහයේ මානව සම්පත් අංශයේ ප්‍රධාන තනතුරුවල සහ එම සමාගමට අනුබද්ධිත ලයන් බ්රූවරි සහ හෝටල් ක්ෂේත්‍රයේ මානව සම්පත් අංශයන්හි ප්‍රධානී ලෙසද වසර 7 ක කාලයක් සේවය කර තිබේ. ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණ ආයතනයෙන් වෘත්තීය සුදුසුකම් හිමිකරගෙන ඇති ඒ මහතා ඕස්ට්රේකලියාවේ University of Southern Queensland වෙතින් පශ්චාත් උපාධියක් සහ MBA උපාධියක්ද හිමිකරගෙන ඇත. එමෙන්ම ඒ මහතා ඇමරිකා එක්සත් ජනපනයේ මානව සම්පත් කළමනාකරණ සමාජයේ සහ ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වේ.

memeber image

හර්ෂ සේනානායක

සාමාන්‍යාධිකාරී - තොරතුරු හා තාක්ෂණ

හර්ෂ සේනානායක යුනියන් ඇෂුවරන්ස් හා සම්බන්ධ වූයේ 2016 ඔක්තෝබර් මාසයේදී ය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහයේ තොරතුරු තාක්ෂණ අංශයට එක්වී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ හර්ෂ මේ වනවිට තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය සම්බන්ධයෙන් වසර 14 ක පමණ අත්දැකීම් ලබා ඇත. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විසඳුම් නිර්මාණ ශිල්පී මට්ටමේ සිට ආයතනික යෙදුම් ප්‍රධානී දක්වා විවිධ තනතුරු හොබවා ඇති ඔහු ක්ෂේත්‍රය ගැන පුළුල් දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් හිමිකරගෙන සිටී.

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලැබූ හර්ෂ කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු පද්ධති කළමනාකරණය සම්බන්ධ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන තිබේ.

memeber image

ආශා පෙරේරා මහත්මිය

සාමාන්‍යාධිකාරී - මූල්‍ය හා සැලසුම්

යුනියන් ඇෂුවරන්ස් සමග සම්බන්ධ වීමට පෙර ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපතිවරියක ලෙස කටයුතු කළ ආශා පෙරේරා මහත්මිය තොරතුරු තාක්ෂණය, සංචාරක සේවා සහ වැවිලි කර්මාන්ත සේවා යනාදී අංශ වල වසර 12 කට වැඩි කාලයක් ඇතුළුව විවිධ අංශවල වසර 20 කට වැඩි කාලයක් වෘත්තීය අත්දැකීම් ලබා ඇත. 2005 වසරේදී ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය හා එක්වූ එම මහත්මිය ඊට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේද මෙහෙයුම් හා මූල්‍ය අංශවල තනතුරු රැසක් දරා තිබේ. Post Graduate Institute of Management (PIMA) වෙතින් MBA උපාධියක් හිමිකරගෙන ඇති ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ ප්‍රථම උපාධියක්ද ලබා ඇති අතර, එක්සත් රාජධානියේකළමනාකාරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ(Chartered Institute of Management Accountants)සහකාර සාමාජිකාවක ලෙසද කටයුතු කරයි.