Add new feedback

Is Insurance Hard To Understand?

Not With Us...

රැකවරණය අතිරේක ප්‍රතිලාභ - රැකවරණය

අතිරේක ප්‍රතිලාභ - රැකවරණය

හදිසි මරණ ප්‍රතිලාභය

හදිසි අභාවයකදී රක්ෂිත මුදල මෙන් දෙගුණයක් දක්වා මුදල් හිමි වේ.
(යුනියන් සිසුමග සඳහා අදාළ නොවේ)

පවුලේ ආදායම් ප්‍රතිලාභය

රක්ෂිතයාගේ අභාවය සිදුවූ අවස්ථාවක රක්ෂණය කල් පිරෙන තෙක් පවුලේ ආදායම් ප්‍රතිලාභ ආවරණයේ වටිනාකමට සමාන මුදලක් වාර්ෂිකව ලැබෙන පරිදි මාස 3 කට වරක් බැගින් ගෙවනු ලැබේ

පවුල් ආරක්ෂණ ප්‍රතිලාභය/සමකාල ප්‍රතිලාභය

මෙම ප්‍රතිලාභය යටතේ ඔබගේ වාරිකයට අතිරේකව සුළු මුදලක් එක්කිරීමෙන් මූලික රක්ෂිත මුදල මෙන් 5 ගුණයක වටිනාමකින් ආවරණය වැඩිකරගත හැකි වේ. හදිසි අනතුරක් හෝ ස්වභාවික හේතු නිසා සිදුවන මරණයකදී මෙම මුදල් ගෙවනු ඇත.

අවමංගල්‍ය වියදම් ප්‍රතිලාභය

මරණය පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව අවමංගල්‍ය වියදම් ලෙස රු. 50,000/- ක උපරිමයකට යටත්ව මුදල් ගෙවනු ලැබේ.

කාලත්‍ර ප්‍රතිලාභය

මෙම ප්‍රතිලාභය යටතේ රක්ෂිතයාගේ භාර්යාව/ස්වාමි පුරුෂයා වෙත රක්ෂණාවරණය හිමි වේ.

හදිසි අනතුරක් නිසා සිදුවන නිත්‍ය හෝ අර්ධ අකර්මණ්‍යතා ප්‍රතිලාභය

අනතුරක් නිසා නිත්‍ය හෝ අර්ධ අකර්මණ්‍යතාවක් ඇතිවන අවස්ථාවකදී එම අකර්මණ්‍යතාවේ තත්ත්වය අනුව රක්ෂිත මුදලින් ප්‍රතිශතයක් රක්ෂිතයා වෙත ගෙවනු ඇත.

හදිසි අනතුරක් හෝ රෝගයක් නිසා සිදුවන පූර්ණ නිත්‍ය අකර්මණ්‍යතා ප්‍රතිලාභය

හදිසි අනතුරක් හෝ රෝගයක් නිසා සිදුවන පූර්ණ නිත්‍ය අකර්මණ්‍යතාවකදී අදාළ රක්ෂිත මුදල වාර්ෂිකව සමාන වාරික 5 කින් ගෙවනු ලැබේ.
(යුනියන් සිසුමග සඳහා අදාළ නොවේ)

හදිසි අනතුරක් නිසා සිදුවන පූර්ණ නිත්‍ය අකර්මණ්‍යතා ප්‍රතිලාභය

හදිසි අනතුරක් නිසා සිදුවන පූර්ණ නිත්‍ය අකර්මණ්‍යතාවකදී අදාළ රක්ෂිත මුදල වාර්ෂිකව සමාන වාරික 5 කින් ගෙවනු ලැබේ.

වාරික ගෙවීමෙන් නිදහස් වීමෙන් ප්‍රතිලාභය

හදිසි අනතුරක් නිසා සිදුවන පූර්ණ නිත්‍ය අකර්මණ්‍යතාවකදී පහත සඳහන් ආවරණ පවත්වාගෙන යෑම සඳහා වාරික අය නොකෙරේ.
  • මූලික ජීවිත රක්ෂණාවරණය
  • සුවමග ප්‍රතිලාභය (CIC)
  • කලත්‍ර ප්‍රතිලාභය (රෝහල්ගත කිරීම් සහ කලත්‍රයා සඳහා සුවමග ප්‍රතිලාභය ඇතුළුව)
  • පරිපූර්ණ සැත්කම් ප්‍රතිලාභය
  • දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රතිලාභය

වැඩිදුර විස්තර සඳහා කරුණාකර අපගේ යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ නියෝජිතයෙකු අමතන්න. නැතිනම් 011 2 990 990 අංකයෙන් සෘජුව අප හා සම්බන්ධ වන්න. සැ.යු.: වැඩි විස්තර සඳහා රක්ෂණ සැලසුමට අදාළ වගන්ති හා කොන්දේසි බලන්න.