යුනියන් ඇෂුවරන්ස් හඳුන්වා දී ඇති නවතම Clicklife App නිසා ගනුදෙනුකරුවන්ට දැන් තම රක්ෂණ අවශ්‍යතා වඩාත් පහසුවෙන් කළමනාකරණය කරගැනීමටත්, ඒ සම්බන්ධ නවතම තොරතුරු එසැණින් දැනගැනීමටත් අවස්ථාව ලැබී තිබේ. Clicklife App යනු නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද යෙදුමකි. මෙම යෙදුම නිසා, රක්ෂණයක් මිලදීගැනීමෙන් පසුව මෙතෙක් සිදුකළ යුතුව තිබූ සංකීර්ණ හා කාලය වැයවන පසුවිපරම් කටයුතු තවදුරටත් අවශ්‍ය නොවේ. මෙමගින් රක්ෂණයට අදාළව ගෙවිය යුතු මුදල්, ශේෂයන් සහ හිමිකම් මුදල් ඉල්ලීම් ආදිය සම්බන්ධ තොරතුරු ක්ෂණිකව ලබාගත හැකි අතර, අවශ්‍ය නම් ඩිජිටල් රක්ෂණ ඔප්පු ණය ඉල්ලීම්ද ඉදිරිපත් කළ හැක. එමෙන්ම ත්‍යාග වැඩසටහනක් හා සම්බන්ධ ‘Health Tracker’ ක්රමයක්ද මීට ඇතුළත් කර ඇති අතර, වවුචර් සහ වට්ටම් කූපන වලට අදාළ ප්රතිලාභ එමගින් ක්ෂණිකව ලබාගත හැකි වේ.